SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගමන් බලපත්‍ර දෙකක් සනතකයේ තබාගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයාව

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ.

අදාළ චීන ජාතිකයා පසුගිය 18 වැනිදා රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර නැවත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයකට අනුව ඔහුව නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.

උපුටාගැනීම - srilankamirror.com