SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තුන්වන වරටත් හිටපු සභාපති ශම්මි සිල්වා  නිතරගයෙන් තේරීපත්ව ඇත.

2023/2025 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අද (20) දින ක්‍රිකට් ආයතන නිළවරණය කොළඹ දී පැවැත් විය.

මීට අමතරව ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සඳහා මොහාන් ද සිල්වා මහතා සහ උපසභාපති ධුරයන් සඳහා ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ද තේරීපත්විය.

මෙම නිළවරණය පවත්වා ඇත්තේ පරණ ගැසට්ටුව අනුව බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය සතුව නඩු 262ක් පවතින අතර මෑත කාලීනව විශාල නඩු තොගයක් සහිත අමාත්‍යාංශය ලෙස ඉතිහාසයට එක්වනවා මෙන්ම අමාත්‍යාංශයේ පරිපාලන ගැටළු මූලික කොටගෙන ක්‍රීඩාවන් ජාත්‍යන්තර තහනමට ලක්වූ වාර්තාවටද අයිතිවාසිකම් තබා ඇත.

කෙසේ වුවද පසුගියදා වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්ද දැනට පවතින අමාත්‍යවරුන් අතරින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා පිළිබඳව තම කළකිරීම ප්‍රකාශ  කර ඇති බවත් මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිනි. ඒ අනුව කඩිනමින් කැබිනට් සංශෝධනයක් වන්නේ නම් මෙම අමාත්‍යාංශ දෙක පිළිබඳ තීරණයකට එළැඹෙනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.