SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • රනිල් හතරැස් පෙට්ටි රවුම් කරන හැටි....?
  • රනිල් පත්වී වසර පිරෙනදා වැරදුණු කුරුමාණම....?
  • මට ඔින ආණ්ඩුකාරල පත්කරන්නැයි බැසිල් කිව්වා...?
  • අන්තරේ ඊලඟ නායකත්වයට පෙරට්ටන් හා ජවිපෙ මරා ගැනිලි.
  • හැරිසන් ගියාම සජබ මෙහෙම දෙදරුව නම් රාජිත ල ගියා නම් වෙන දේ...?
  • බෝන්අගේන්ලගෙන් පිරුණු පක්ෂය ගැන මතවාද...?
  • ජෙරොම් ගැන සජබ නිහඬ ඇයි....?
  • මහින්ද සමරසිංහ එවූ කෝටි 1100 ක බෙහෙත් වලට අකමැති අය කවුද...?

 

2022 මැයි 12 දා අරගලය මැද රනිල් අගමැතිවී දැන් වසරකි. සාගල, සමන් ඒකනායක හා මහ බැංකු මෙන්ම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් IMF සමග සාකච්ඡා ගෙන යද්දී ජනපති සැහැල්ලුවෙන් මුදල් අමාත්‍යාංශ කාර්යාලයට ආවේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් දෙසතිය නව නිමාව ජනපතිට පිරිනැමූවේය.

 

"අගමැති වෙලා අවුරුද්දයි.ඔබට දැන් සතුටුද" මාධ්‍ය සගයෙකු ඇසුවේ විහිළුවට මෙනි.

"එදයි අදයි සංසන්දනය කරන්න. මට ඒ ඇති. වෙන අය ගිණිගත්ත රටේ ගිණි නිවපු හැටි ගැන ලොකු කැම්පේන් කරලා රටේ සල්ලි තව නැතිකරන්න රටපුරා උත්සව දානවා. අනික මම බාරගත්ත වෙලාවෙ මට කොච්චර බැනපු අය හිටියද" ජනපති වසරක ස්වයං චරිතාපදානය මතත් කළේ හැගීම්බරවය.

 

"ඔක්කොම බැලන්ස්. ඒත් සෞඛ්‍ය අනාථයි. එතන දූෂණ ගුහාවක්. මහින්ද සමරසිංහ ඇමෙරිකාවෙන් ඩොලර් මිලි 32 ක එනම් කෝටි 1100 ක බෙහෙත් එවලා. ඒත් සෞඛ්‍ය ඉහලම ඉදල පහළම අය බෙහෙත් එවනවට කැමති නෑලු. උන්ට කොමිස් නෑනේ" මාධ්‍යකරුවෙකු ගින්න පත්තු කළේය.

"ඔය කතාව මමත් දන්නවා. ඔක්කොම එකපාරට කරන්න බෑනේ. සෞඛ්‍ය ඉක්මනින් ගොඩගන්න ඔින"ජනපති කීය.

 

"අගමැති වෙලා අවුරුද්ද පිරෙන දා රට ආපහු අරගලයකට දක්කන්න තිබුණු ප්ලෑන් කතාව බොරුවක් කියල පත්තු වුණා නේද" ඒ තවත් පැනයකි.

"ඒක බොරුවක් නෙවෙයි. යමක් කරන්න හැදුවා. බැරිවුණා.අන්තරේ ඇතුලත් දැන් බෙදිලා. එයාලයි කොළඹ කැම්පස් එකෙනුත් මේ වැඩේ ලීක් වුණේ ඒකයි. අන්තරේ පදයටම නටන ලමයි හිගයි. පළමු වසරේ ලමයි දාල ගේම් එක ප්ලේ කරන්න හැදුවෙ. බුද්ධි අංශයෙනුත් මේ කතාව ආවා"ජනපති උපදේශකයෙක් පැහැදිලි කළේය.

 

" බුද්ධි අංශය වැරදි එකක් කිව්ව කියල ඒකෙ ප්‍රධානියා ගෙන්නල බැන්න කියල සමාජ මාධ්‍ය වල ගියා"මාධ්‍යකරුවෙක් පත්තු කළේය.

"මම බුද්ධි අංශ ප්‍රධානියෙක් හම්බ වුණෙත් නෑ බැන්නෙත් නෑ"ජනපති කීවේය.

"මගේ ආරක්ෂාව බාර නිලධාරීන් එකඑක්කෙනා හම්බ වෙනවා. අඩුපාඩු පෙන්නනවා. ප්‍රසංශා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්" රනිල් සාමාන්‍යයෙන් හතරැස් පෙට්ටි රවුම් කරන්නේ එහෙමය.

 

"අන්තරේ නායකත්වය මේ වෙනකොට පෙරටුගාමීන්ට තියෙන්නෙ. මුදලිගේ ගෙ කාලය ඉවරයි. නායකත්වය ජවිපෙට යන පසුබිමක් තියෙනවා. ඒක නවත්තගන්න මෙහෙයුමක් කරන්නයි හැදුවෙ. ඒක ලීක් වුණා. ඒක රට පැත්තෙන් වාසි වැඩක්"උපදේශකයා තවදුරටත් පැහැදිලි කළේය.

"දේශපාලකයොයි නිලධාරීනුයි අරගලකාරයොයි කැරලිකාරයොයි ත්‍රස්තවාදීනුයි විනාශ කරපු රට හුස්ම ගන්න තැනට ගෙනාවෙ අමාරුවෙන්. ඒ නිසා ආපහු රට වට්ටන කිසිම වැඩකට ඉඩදීල බෑ" ජනපති කීවේ දැඩි ස්වරයෙනි.

 

"ඒක හරි. අරගල එවුන්ට වගේම නැව් දෙකයි රටේ දේපොළ කාපු එවුන් ගැනත් තදින් වැඩ කළොත් ඊලග ඡන්දෙ ගෙදර ඉදන් දිනන්න පුළුවන්" කටට බ්‍රෙක් නැති අයෙක් ජනපතිට කීවේ අභියෝගයට මෙනි.

" නැව් දෙකේ නඩුයි තව පරීක්ෂණයි යනවා. නැව් වැඩේ පත්තු කරපු අය නිහඬ වුණා. රටත් නිහඩ වුණේ ඒකයි. ඒත් පරීක්ෂකයො නිහඩ නෑ"ජනපති කීය.

"පාර්ලිමේන්තුවෙත් නැතිහැරිසන් සජබෙන් ආපු එක හොදට පත්තු වෙලා. රාජිත ල ආව නම් එතන ඉවරනේ" තවත් පැනයකි.

"සජිත් කැලේ බල බල බඩු බෙදබෙද හිටියට ගැටුම් නිරාකරණය දන්නෙ නෑ. හැරිසන් වෙනුවට එයාගෙ නෝනට කතාකරන්න ඇත්තෙ ඒකයි" එම අදහස ආවේ සිනා මැදය.

 

"ජෙරොම් සිද්ධිය කවුරුත් හෙළා දැක්කා. සජබ නිහඬයි. එතන වැඩි පිරිස බෝන්අගේන්කාරයො නිසාද.ඔබතුමාගෙ ගේ ගිණි තිබ්බෙත් ඔය නිකායෙ අය බව කියනවා" ආරක්ෂක උපදෙශකයෙකුගේ ස්ථාවරය එය විය.

"ආණ්ඩුකාරල පත් කරපු අය බැසිල්ගෙ නේ කියලයි හැමෝම කියන්නෙ."රනිල් නොහිතන දුස්රාවක් එල්ල විය.

"නෑ. බැසිල් මට කතාකලා. මම කැමති අය පත්කරන්න කිව්වා. එහෙන් දෙකයි මෙහෙන් එකයි"ජනපති කීය.

 

"ආණ්ඩුකාරල පත් කරල ඉවරද"

"ඒක දැන් වැඩක් නෑනේ" ජනපති ඉවත බලා ගත්තේය.

"සෙන්දිල් නැගෙනහිර බෞද්ධ උරුම රකින්නත් ප්‍රතිඥා දුන්නා. ඉන්දියාවත් ඒ පත්වීම ගැන සතුටුයි"

එම පත්වීම ඉන්දියාව සතුටු කිරීමට කල එකක් බව කටින් පැන්නාද හිතාමතා ලීක්කලාදැයි දන්නේ "කපටි නරියාම" පමණි.

 

@Ashoka Jayatunga