SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහරගම "අපේක්ෂා රෝහලේ " නේවාසිකව පිළිකා රෝගීන් ආසන්න වාශයෙන් 50000.00ට අධික ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එකී රෝගීන් වෙනුවෙන්

ශ්‍රී ලංකා රජය අතිවිශාල මුදල් සම්භාරයක් අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වැය කරති…

තවද දානපතීන්, ව්‍යාපාරික ප්‍රජාව හ සමාජ සත්කාරක ආයතන විසින් එම රෝගීන් ගේ සුභසාධනය පිණිස විශාල ලෙස අරමුදල් පරිත්‍යාග කරමින් මානව ශිෂ්ඨාචාරයේ උතුම් ගුණ මොනවට පැහැදිලි කරමින් රෝගී ජීවිත බේරාගැනීමට කටයුතු කරම අකාරය අති විශ්ෂ්ඨ ය.

 

එසේම වසරකට ආසන්න වශයෙන් පිලිකා රෝගීන් 14000ක් පමණ මියයන බවට දත්ත තොරතුරු වාර්තා අනුව සනාථ කරයි…

එය දිනක සාමාන්‍යක් ලෙස ගණනය කළවිට ජීවිත 38කි..

 

අප සමාජයේ ඉපිද අප හා ජීවත් වෙමින් සිටින අපේම සහෝදර ජනතාව පිළිකා මාරයා විසින් අකාලයේ උදුරා ගන්නේ එලෙසට ය.

පිළිකා රෝහලේ සුභසාධන ඒකකයෙන් මෘත දේහ ප්‍රවාහනයට ගෙවන මුදලත් කොල්ල කන මිනී කාක්කෝ………?

රෝගීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය බෙහෙත් නවාතැන් පහසුකම් පවා ධානපතීන් ගේ පරිත්‍යාග හරහා ඉමහත් සහනයක් ලෙසින් ක්‍රියාත්මකවන අල්ලපනල්ලෙ මහා වංචාවක් සම්බන්ධව සමාජය මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක වීඩියෝවක් මුදා හැර ඇත…

 

එනම් පිළිකා රෝහලේ මිය යන රෝගීන් ගේ මෘත දේහ මල් ශාලාව වෙත ( දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ) ගෙන යෑමේදී, අපේක්ෂා රෝහලේ සුභසාධන ඒකකයක් විසින් එම ප්‍රවාහන ගාස්තු රෝගියා වෙනුවෙන් දැරීමය…

 

එම උතුම් ක්‍රියාවට නිගා කරමින් අපේක්ෂා රෝහලේ යම් පිරිසක් විසින් ඉතා සූක්ෂමව එකී ප්‍රවාහන මුදල් මෘත දේහය හිමි පාර්ශවයෙන් අදාල මල් ශාලාව හරහා ලභාගෙන අනතුරුව මරණ සහතිකයේ පිටපතක් සුභසාධන ආයතනයට ඉදිරිපත් කොට එකී මුදල නිදහස් කරන අතර මේ දූෂිත ගණු දෙනුව තුළ කොමිස් මුදල් හුවමාරුවක් සිදුවන බව පහත වීඩියෝව නැරඹීමෙන් අණාවරනය වනු ඇත…

 

පිළිකා රෝගයට ගොදුරු වූ රෝගියකු සතු පවුලක් යනු මානසිකව මෙන්ම ආර්තික අතින් ඉතා විශාල ලෙස පරිහානියට අගතියට පත්වන පිරිසක්වන අතර, එකී මිනිසුන්ගේ දුක් වේදනා කදුළු අතර මානුෂීය සිත් පිත් ඇති ධානපතීන් විසින් කරන මූල්‍ය පරිත්‍යාග වලින් මෙසේ කොල්ල කනවා නම් ඔවුන් වහා නීතිය හමුවට පමුණවා නිසි දඬුවම් ලභාදිය යුතුය…

උක්ත වීඩියෝවට අනුව එකී මෘත දේශය ප්‍රවාහනයට රුපියල් 40000ක් ලබාගෙන ඇති අතර දිනක සාමාන්‍ය මියයාමේ ප්‍රතිශතය ජීවිත 38කි..

තත්වය එසේ නම් අපේක්ෂා රෝහලේ මෘත ශරීරාගාරයේ මෙකී තුච්ච ක්‍රියාවට සම්බන්ධ චෞරයන් විසින් ධන පරිත්‍යාග කරන උතුම් මිනිසුන්ගේ මුදල් වලින් ගසාකන මුදල ආසන්න වශයෙන් දිනකට රුපියල් 15,20,000.00කි.

මෙකී මූල්‍ය වංචාව මාසයක් පුරාවට සිදුකළ හොත් ගසා කෑ මුදල රුපියල් 45,600,000.00කි එය වසරකට ආසන්න ලෙස ගණනය කළහොත් රුපියල් 547,200,200.00කි..

බලධරයනි වහාම මේ ගැන විදිමත් පරීක්ෂණයක් පවත්වා ජීවිතය යදින රෝගීන් වෙනුවෙන් අග්‍රගණ්‍ය සේවාවක් සපයන ධානපතීන් විසින් රෝගී ජීවිත වෙනුවෙන් පරිත්‍යාග කරන මුදල් වලට වහා සාධාරණයක් ඉටු කරනු..

@සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,ඉතාලිය.

 

.