SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක් 

අද (18) දින මුලතින් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට ඇති යුද සැමරුම් ස්මාර්කය අසලදී පැවත්වෙයි.

මුල්ලිවයික්කාල්හි යුද්දයෙන් මියගිය ඥාතීන්ගේ සංගමය, දෙමළ සංස්කෘතික සභාව, සිවල් සංවිධාන සංවිධානත්වයෙන් මෙම යුද සැමරුම් උත්සවය පවත්වන අතර මේ සඳහා යුද්දයෙන් පීඩාවන්ට පත් සියලු ජනතාවට හෙට උදෑසන මුල්ලිවයික්කාල් මුහුදු සීමාවට පැමිණෙන ලෙසටද ආරාධනා කොට ඇත.

හෙට දිනයේදී උතුරු පලාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව්හි නැවත් පදිංචි වූ යුද්දයෙන් මිය ගිය අයගේ ඥාතීන්, යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් , දේශපාලන නියෝජිතයින් මෙන්ම ආගමික නායකයින්ද මුල්ලි වයික්කාල් යුදසැමරුම් අවස්ථාව සඳහා සහභාගී වෙයි.

යුදසැමරුම් අවස්ථාවට සහභාගී වන සියලු දෙනා මුල්ලි වයික්කාල් බූමියේ ඉදිකොට ඇති යුදසැමරුම් ස්මාර් කයට මල්පහන් දල්වා පූජා කොට මිය ගිය ඥාතීන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමිණවීම සිදුකරනු ලබයි.

@ වන්නි රොමේෂ් මධුෂංඛ

උපුටාගැනීම - ලංකා සී නිවුස්

නවතම ලිපි