SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කාලයක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට  සිදුකළ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වේ.

එහිදි වර්තමානයේ උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්.

පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් ම සිදුකළ අතර ඉන් අනතුරුව ආචාර්යවරුන්ගේ සංගමය යම් නම්‍යශීලී භාවිතාවන් වලට එළැඹි බව ද බොහෝ දෙනාගේ අදහස වී ඇත.

මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇතත් මේ දක්වාත් එම කටයුතු උපරිමයෙන් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි වී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සඳහන් කර ඇත.

නවතම ලිපි