ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පරිපාලනයට ඇඟිලි ගැසීම් සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇත.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විධායක අධ්යක්ෂ Hassan Sinhawansa වෙත අද ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ David Carrigy විසින් මේ බව කියා ඇත.
“පළමු ප්‍රමුඛතාවය වන්නේ පාලන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීමයි. මෙම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ආසියාවේ ඉදිරි තරඟ සහ තරඟාවලි සඳහා සහභාගීවීමට හැකි වනු ඇත,” යැයි ලෝක රග්බ් සම්මේලනය පවසයි.