SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන  නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශ ගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට අමතරව තමන්ගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහාද මේ යටතේ කටයුතු කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සදහා වන මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා සමග ඊයේ (16) දින පැවති අතර විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සදුදා දිනයේදී ආරම්භ කිරීමට එහිදී තීරණය විය.  සති දෙකක් තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත අතර දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර  සිටින සංවර්ධන නිලධාරීන්, තානාපති කාර්යාල හරහා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගෙන පවත්වනු ලබන සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විස්ලේශනය කිරීමෙන් පසුව ඉදිකරනු ලබන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රෙද්ශ හදුනාගැනීමට නියමිතය. ඉන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය සතු සහ රජය සතු ඉඩම් යොදා ගනිමින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරිආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි