SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න සඳහන් කරයි.

දැනට ද තමන් ජනාධිපතිවරයා හමුවී එවන් ප්‍රශ්න විසඳා ගෙන ඇති බවත් ඉදිරියට ද ජනාධිපතිවරයා හමුවන බවත් ඇය සඳහන් කර ඇත.

නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයා හමුවීමට සෑම දෙනාටම හැකි බවත් පැවසූ ඇය ජනතාවගේ වැඩ කර ගත් පසු නැවතත් සමගි ජන බලවේගය පක්ෂයට පැමිණෙන බවද කියා ඇත. ඇය මේ බව පවසා ඇත්තේ මාතලේ  ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

 

සජබ තුළ සිට මුලින්ම ජනපති රනිල් වික්‍රමසිංහට තම සහාය පලකල රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  දිගින් දිගටම පැවසුවේ සජබ රනිල් සමග එක්ව ගමනක් යා යුතු බව වන අතර ඔහු මේ දක්වාම සජබෙන් එලියට නොපැමිණ තම සහාය රනිල් ආණ්ඩුවට පල කර ඇත. ඒ අනුව මෙම කපුකම්වල තවත් එක් පුරුකක් ලෙස රාජිත සේනාරත්න විශාල මෙහෙයුමක් සිදු කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 

කෙසේ වුවද සමගි ජන බලවේගයෙන් විශාල පිරිසක් මෙන්ම පොහොට්ටුව පාර්ශ්වයෙන්ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට ජනාධිපති රනිල් සමග එක්ව ගමනක් යෑමට සූදානම් බව හෙළිවෙමින් තිබේ. එසේම බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත්තේ මහින්ද, නාමල් ප්‍රමුඛ පිරිසක් විපක්ෂයේ අසුන් ගනිමින් රනිල් සජිත් ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය වීම සිදුවිය හැකි යථාර්තයක් කියාය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම සමග ස්පාර්ටකස් සාමූහිකය විසින් ඒ පිළිබඳව පූර්ව අදහසක් පලකර තිබුනි. ඔවුන් කියනා පරිදි,

“මේ වනවිට රනිල් මුහුණ දී ඇති උභතෝකෝටිකය වන්නේ ඔහුට ජන බලයක් නොමැති වීමයි. IMF ඇතුළු සංවිධාන පවසන්නේ ජනබලයෙන් නොපැමිණියහොත් ඔවුනට තවදුරටත් සහය දිය නොහැකි බවය. ඒ අනුව ලාංකීය ඉතිහාසයේ දැඩිම විනාශකාරී, ලාංකීය සමාජය සෑම අතින්ම පරිහානියට පත්කළ, සංහාර දෙකකට මග පෑදු, ණය කන්දක් උරුම කරදුන්, මහා පාරිසරික විනාශට මුල පිරූ, "ජේ.ආර්-ප්‍රේමදාස" යුගයක් නැවත නිර්මාණය වීමේ අනතුරක් ඇත.

නමුත් මෙවර "ජේ.ආර්-ප්‍රේමදාස"යුගය නිර්මාණය වන විට රටේ තත්වය වනාහි 1977 තිබූ තත්වය නොවේ. ලෝකයේ තත්වයද එය නොවේ. "ජේ.ආර්.ට අවශ්‍ය පරිදි ඩෙගා නැටීමට හැකි වූයේ ප්‍රධාන වශයෙන්ම ඒ වන විට නොයිඳුල් ශ්‍රම බලකායක් පැවතීම සහ එය ලාභ ශ්‍රම-කාලය ලෙස ආයෝජකයින් සඳහා ලබා දිය හැකි තත්වයක් තිබීම, නව ආනයන වෙළඳපොළක් ඊට සමගාමීව නිර්මාණය කොට ගත හැකි තත්වයක් තිබීම, මහවැලි, රන්දෙනිගල, ලුණුගම්වෙහෙර වැනි ජනපද නිර්මාණය කොට දිය හැකි තත්වයක් තිබීම, වැනි තත්වයන් රැසකට ඉඩකඩ තිබූ තත්වයක් යටතේය. නමුත් මෙකල ජේ.ආර්.ගේ බෑනාට සහ ප්‍රේමදාසගේ පුතාට ඒ කිසිවක් නොමැත. එබැවින් මෙවර "ජේ.ආර්-ප්‍රේමදාස" යුගය ප්‍රහසනයකින් අවසන් වීමට නියමිත වන්නේ ඇමරිකානු උපක්‍රමයන්ට අදාළව ලංකාව තෝරා නොගතහොත්ය. ලෝක ආර්ථික අවපාතයක් පැමිණීම අනීවර්යතාවයක් බව පුරෝකථනය වන්නේ පසුගිය කාලයේ ලොව පුරාම ක්‍රියාත්මක වූ මූල්‍ය ප්‍රාග්ධන වෙළඳපොල නිසා සහ අධ්‍යාපනය සඳහා යොදවා ඇති ප්‍රග්ධනයේ ප්‍රතිඵල ලෙසය (මූල්‍ය ප්‍රාග්ධන වෙළඳපොළට වඩා අධ්‍යාපන ප්‍රාග්ධන වෙළඳපොල විශාලය). ඒ තත්වය හමුවේ ජේ.ආර්. පැමිණි 1977 කාලය (රොනල්ඩ රේගන් සමග ටැචර් වාදයේ සර්ණමය යුගය) මෙන් නොව මෙකල තත්වය දරුණු වී ඇත. ඒ අනුව ලංකාවට අදාර උපකාර හෝ ණය ලබා දීමට හැකියාවක් ඇති රටවල් නොමැති තත්වයක් උදාවේ. රුසියාව චීනය ඇතුළු රටවල් කිහිපයක් විසින් පිහිටවා ගත් ආර්ථික සංසදයේ ක්‍රියාකාරීත්වය ද ඊට බලපානු ඇත. 

("First as tragedy, then as farce" – Spartacus lipi)”

නවතම ලිපි