SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවන්ට වඩා පහුගිය දවස්වල තිබුනෙ නිළධාරීන්ගේ ක්‍රීඩායි.

තම පුද්ගලික අභිලාශයන් වෙනුවෙන් ගහපු ගේම් හුගක්ම පත්තුවෙලා ගිහින් දැන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩාව ඉවත්වෙන තැනටම වැඩ කටයුතු හැදුනු හැටි සමාජ මාධ්‍යයේ වගේම ජාතික මාධ්‍යයන්වලත් මාතෘකා බවට පත් උනා.

 

sudath arjuna

 

ඔන්න දැන් නැට්ටටම එරිච්ච මේ නිළධාරියො තමුන් පත්තු කරගනිපු නඩු හබ ටික සමාදානයෙන් සමථයකට පත් කරගන්න තීරණයකට ඇවිත් ලු. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති ඒ නැටුම අවසාන වෙද්දි ජාත්‍යන්තර ක්‍රීඩා තහනම් වාර්තා පිට වාර්තා ඇවිත්. ඒ විතරක්යැ ක්‍රීඩා තරඟ වලට ක්‍රීඩක ක්‍රීඩිකාවො යවන්නවත් මුදලක් අමාත්‍යාංශය සතුව නැතිලු. පහුගියදා නෙට්බෝල් කණ්ඩායම යවල තියෙන්නෙත් බොහොම අමාරුවෙන් කියල තමයි ආරංචිය. කොහොම උනත් මේ ක්‍රීඩා ඇමති රොෂාන් නම් ලංකා ඉතිහාසයේ අසාර්ථකම ක්‍රීඩා ඇමතිවරයා විදිහට ඉතිහාස පොතට එක්වෙන්න  ඔන්න මෙන්නලු. මේව ඉතිං හැමෝම කතාවෙන කතා.

ඒ අතරෙ දන්නා කියන ආරංචි මාර්ගවලින් අපට ඇහුන කසුකුසුව නම් ජනාධිපති රනිල් තමන්ගෙ හිතවතුන් එක්ක තිබුනු කතාබහකදි කියල තියෙනවලු මේ ආණ්ඩුවේ තමන්ට හිසරදයක්ව ඇති ඇමතිවරුන් දෙපලක් ගැන. ආරංචියේ හැටියට ඒ සෞඛ්‍යයේ සහ ක්‍රීඩාවේ ඇමතිලාලු.

 

gossipsports and health

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගින් දිගටම පැවති අකර්මන්‍යතා, වංචා සහ ‌මූල්‍ය රෙගුලාසි සහ ආයතන සංග්‍රහය ඉක්මවා කටයුතු කිරීම, ටෙන්ඩර් පටිපාටියේ අක්‍රමිකතාවන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම පසුගිය කාලය පුරාවටම සිදුවූ අතර, ජනාධිපති වික්‍රමසිංහ ඒ පිළිබඳ පියවරයන් නොගැනීම පිළිබඳ බොහෝ ජනතා  දෝෂ දර්ශනයන්ට ලක් උනා.

 

වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිළධාරීන්ගේ කටයුතු සොයා බැලීමට නොහැකි ප්‍රධාන බාධාව වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂගේ ප්‍රධාන හිතවතෙකු වීම බවටත් මාධ්‍ය මගින් විවේචනයට ලක් උනා. කොහොම උනත්  වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසානයේ තම අවදානය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත යොමු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් වෙනසක් වීමේ ප්‍රවනතාවක් කියලනම් හුගක් දෙනා කියන්න පටන් අරගෙන.  

 

healthministrycrisis

පහුගියදා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන්න කියල  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීල. ඒක හරියට හොයල බැලුවොත් නම් ටෙන්ඩර් පටිපාටි බිඳ දාල, කැබිනට් එකත් නොමග යවල කරපු මගඩි අහුවෙන්නත් ඉඩ තියෙනවා.

අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පස්සෙ රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසලා..

මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට කිව්ව කියලයි  වාර්තා උනේ. මොනව උනත් දැන් දැන් දේශපාලන සුළඟ උනුසුම් වෙලා සුළි කුණාටුවක් වගේ වෙන්න යනව වගෙයි.

 

@SLleader Gossip

නවතම ලිපි