SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අශෝක ජයතුංග කියන්නෙ ලංකාදීපෙ හිටපු ඉපැරණි මාධ්‍යවේදියෙක්. ආරංචි විදිහට එයා රනිල් වික්‍රමසිංහගෙ නිවුස් ප්ලාන්ටර් ලු.

අශෝකම කියන විදිහට එයා සජිත් විපක්ෂ නායකගෙත් නිවුස් ප්ලාන්ටර් කෙනෙක්. ඔන්න පහුගිය දවසක අශෝක "රවි සමඟ හෝරාවක්" කියල රවී කරුණානායකගෙ ලිපියකුත් පලකරල තිබුන.

ඒකෙ එයා රවී ගැන ලොකු විශ්ලේෂනයක් කරනවා රවීව ඉහලටම උස්සල. ඒ කියන්නෙ දැන් අශෝක රවීගෙත් නිවුස් ප්ලාන්ටර්. හැබැයි ඒක රවීට එජාපයේ මහලේකම්කම  ගැනීමේ මෙහෙයුමේ වැඩක් කියලයි අපිට නම් ආරංචිය.

ඒකේ අශෝක රවී ගැන මෙහෙම කියනවා.


“ රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්‍රය කුමන්ත්‍රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි. එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු කියන්නේ ගැඹුරු කරුණු රැසක් හා සාධක සහිතවය.

ඉන්දන මිල රු 10 කින් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ශ්‍රේෂ්ටාධිකරණය නියම කල ද එය නොකල පාළකයන් 2015 ආසන්නයේ සිටියදී රවි මුදල් ඇමතිවූ වහාම මෙරට ජනතාවට දුන් සහන පැකේජය තරම් එකක් වෙනත් කිසිදු රටක ජනතාවට ලැබී තිබුණේ නැත.
ඉන්දන ගෑස් පොහොර මිල අඩුකර සමෘද්ධි මහපොළ වැඩිහිටි දීමනා වැඩිකල එවකට මුදල් ඇමති රවි ගැබිනි මවුන්ට පෝෂණ මල්ලක් ලබා දී රජයේ සේවකයන්ට රු10, 000 ක ඉතිහාසගත පඩි වැඩිවීමක් ලබා දී ආර්ථිකය අද මෙන් බංකොලොත් නොකර සමබරව ඉදිරියට ගෙන ගියේ ඔහු ගේ නිවැරදි දැක්ම තුළය. ඔහු හොදම මුදල් ඇමති වූයේද ඒ තුළය.
එහෙත් අහක යන බැදුම්කර කරුමයක් එවකට මුදල් ඇමතිවූ හේතුවෙන් රවි ගේ කරමත පතිත විය. නමුත් මහබැංකුව හා සෙසු රාජ්‍ය බැංකු බාරව සිටියේ රවි නොව යහ පාලන රජයේ වෙනත් දෙදෙනෙකි. රවි ට චෝදනා කරන කිසිවෙකු ඒ මූලික කරුණ පවා නිවැරදිව වටහාගෙන නැත. අද ඔහුගේ කරමත පටවා ඇත්තේ අනුන්ගේ පවු බව හිතෙන්නේ එහෙයිනි. තවද රවී හැමවිටම "රනිල්" වෙනුවෙන් පෙනී සිටි හා සටන් කල චරිතයකි. ඒ තුළ ඔහු රනිල් ට එරෙහි බලවේග වලද සදාතනින ගොදුරක් හා එදිරිවාදියෙක් බවට පත්වීම ද වැඩි දෙනෙකු තේරුම් නොගත් වැදගත් යථාර්තයකි”

රවී ව ප්‍රමෝට් කල අශෝක ගේ ලිපිය අනුව රංග ට ආණ්ඩුකාරකම දී රවි මහලේකම් කරන වැඩේ ට අදාළ ප්ලෑනක් කියල තමයි කසු කුසු යන්නෙ. අශෝක මේ ලිපිය ලියපු නිසා මේ ඔපරේෂන් එක යට රනිල් ඉන්නත් පුළුවන් කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

ඒත් රනිල් කියන්නෙ බලය ලැබුනම දේශපාලනිකව අක්‍රීය වන පුද්ගලයෙක් කියල රනිල්ගෙ වටේ ඉන්න හැමෝම දන්නව. එයාට ඔින වෙන්නෙ බලය ගත්තම  දේශපාලනය තුළ එයාට  සුජාතභාවයක් තියෙනව කියල ‌ලෝකෙට පෙන්වන්න. නමුත් ඒ නිසාම හැම වතාවෙම දේශපාලන බලය ගත්ත රනිල් පියවරෙන් පියවර හිමි අහිමි එපිසෝඩ් එකට යනවලු.

 

රනිල්ගෙ මේ චර්යාව ගැන හොඳටම දන්නෙ කාලයක් පුරා එයත් එක්ක දේශපාලනය කරපු අයම තමයි ඉතිං. සමහරවිට රාජිත සේනාරත්න කියන්නෙත් එහෙම දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්ද වෙන්නැති සජබ ඇතුලෙ ඉඳගෙන රනිල් වෙනුවෙන් කැරළි ගහන රාජිත තවමත් සජබෙන් එලියට අඩිය නොතිය බලා ඉන්නෙ. රනිල්ටත් ඒ ගැන නම් වගේ වගක් නැති පාටක් තමයි තියෙන්නෙ.

 

ඒ මොනව උනත් රනිල් ජනපති වෙන්න කලින් හෝදාපාළු වුනු එජාපයේ තනතුරු වලට කාටවත් ඇම්මක් තිබුණෙ නැහැ. ඒත් දැන් තත්වය වෙනස්. ඒ හින්ද රංගෙට ආණ්ඩුකාරකමක් පංගාර්තු කරල මහලේකම්කම ගන්න රවී කරුණානායක ලොකු ප්‍රොජෙක්ට් එකක ඉන්නවය කියන කාරණය නම් හොඳටම පැහැදිලියි කියලයි එජාපය ඇතුලෙ කසුකුසුව යන්නෙ. සාගලල වගේ හීතල දේශපාලකයො මැද්දෙ ඒක රවීගෙ අයිතිය වෙන්නත් පුළුවන්නෙ නේද?

 

@ladyleader Gossip

නවතම ලිපි