SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBC ප්‍රවෘත්ති වෙබ් අඩවිය සකස් වූයේ 2015 යහපාලන රජය කාලේ එවකට ගුවන් විදුලියේ ප්‍රධාන විධායක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ යෝජනාවකට අනුවලු.

ප්‍රවෘත්ති වෙබ් අඩවියේ  සත්කාරකත්වය (hosting) දරා තිබුණේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වෙබ් අඩවි සත්කාරක ආයතනයක්.

 

මෑතකදී ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ සිංහල වෙබ් අඩවිය ක්‍රියාත්මක නැහැ. මේකට හේතුව ලේඩි ලීඩර් ගොසිප් එකට අහු උනේ මෙන්න මෙහෙමයි.

 

මෑතකදී (එනම් වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ධූර කාලය තුළ) ගුවන් විදුලි ප්‍රවෘත්ති වෙබ් අඩවියේ සත්කාරකත්වය මාරු කරලා. එහි අයිතිය ලබාදීල තියෙන්නෙ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හසු නොවන ක්ෂේත්‍රයක හිමි නමකටලු. පට්ටියවෙල පැත්තට සම්බන්ධ ගම මූලික කරගත් මහින්ද කියල සාදු කෙනෙකුටලු. නම කියද්දිම හිතාගන්නත් පුළුවන් මොකක්ද වෙලා තියෙන්නෙ කියලයි සමහරු නම් කියන්නෙ.

වසර 5ක් පමණ වෙබ් අඩවියට සත්කාරකත්වය දෙන ලද සමාගම ඉවත් කරල මේ මිහිඳු හාමුදුරුවන්ට පවරල දුන්නට පස්සෙ තමයිලු සිංහල ප්‍රවෘත්ති අඩවිය අක්‍රීය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ ගනුදෙනුවත් එක්ක මේ වෙද්දි ගුවන් විදුලියේ ප්‍රවෘත්ති දත්ත ඔින කෙනෙකුට ගන්න පුළුවන් වෙනව.

ඒ විතරක් නෙවෙයි ගොසිප් එකේ හොඳම හරිය තමයි, මේ වැඩේම රාජ්‍ය භාශා දෙපාර්තමේන්තුවටත් වෙලා තියෙනව කියලයි අපිට ඒ පැත්තෙනුත් ආරන්චි වෙන්නෙ. රාජ්‍ය භාශා එකේ ලොක්ක වෙන්නෙ කලින් ගුවන් විදුලියෙත් හිටපු හීන්කෙන්ද මහත්තය වෙන්න ඔින. අපිට ඒ පැත්තෙන් එන ආරංචියෙන් නම් කියැවෙන්නෙ ඒ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියත් මීට පෙර තිබුනු ආයතනය ගලවල මේ මහින්ද හාමුදුරුවොන්ට ලබාදීල කියලයි. ඒ සයිට් එකත් දැන් වැඩ නැති බව තමයි කියැවෙන්නෙ. ඔන්න ඒ අල්ල පනල්ලෙ ශ්‍රී ලංකා පදනම් ආයතන පැත්තෙනුත් ඒ වගේම ආරංචියක් එනවා.

කොහොම උනත් ගොසිප් එකට ලැබුනු උණුසුම්ම ආරංචිය තමයි මේ හිමිනමට මෙවන් දානයක් සාංඝීක කිරීමට වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තියෙනව කියල. මේවයෙ ඇත්ත බොරු මොනවද කියල ඉතිං අදාළ ආයතනවලට පුළුවන් අඩු වැඩිය එකතු කරල අපිට දැනුම් දෙන්න.

ඒ මොනව උනත් හඩ්සන් මහත්තයගෙ පාන්දර වැඩ සටහනේ මේව නොකියැවෙන්නෙ උන්නැහෙගෙ කටත් දැන් වෙනස් වෙලා වෙන්නැති කියලයි ගුවන් විදුලියේ පොඩි උන් තැන තැන කසු කුසු ගානව කියන්නෙ.

 

@ladyleader.lk

නවතම ලිපි