SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැයි 22 කියන්නෙ ශ්‍රී ලංකාවේ ජනරජ දිනය.

1972 මැයි 22 දිනය ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදිල පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූවායැයි  ලාංකිකයන් විසින් සලකනු ලබනවා.

 

1948 දී මෙරටට හිමිවූනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වෙද්දී තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයා. එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ට. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුනත් නීතිගතව තිබුණෙ නැහැ. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක උනේ අග්‍රාණ්ඩුකාරවරයායි. ඒ වගේම ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතිලා තිබුණෙත් එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනය කියා හැමෝම සමරනවා. ඉන්  පස්සෙ ලංකාව භූ දේශපාලන හයිකාරකම්වලට අහුවෙලා තැලි පොඩිවී යෑම කාටවත් පෙනුනු කාරණයක් උනේ නැහැ.

අපි අද මේ කාරණාව ඇදල ගත්තෙ පොඩි ගොසිප් කෑල්ලක් ගැන ඉඟියක් දෙන්න.

කල්යා චම්පික

 

මෙතෙක් කාලයක් ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී යැයි හංවඩු ගහල තිබූනු දේශපාලනයක් තුළ සිරගතව සිටි  ජාතික හෙළ උරුමය අද වන විට 43 සේනාංකය හරහා ලංකාවේ ජනරජ දිනයේදී ශ්‍රී ලංකා ජනරජ පක්ෂය ආරම්භ කරන්න යන උත්සවයක් ගැන කියන්න.

ඒ වගේම ජනරජ පක්ෂය පිහිටුවන්න යද්දි එහි නායක කාරකාදීන් මේ වෙද්දි අතීතයේ තම දේශපාලන ගමන් මගෙහි හමුවූ විවිධ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා සංවාද කරන්න පෙළැඹවීම යම් සුබවාදී පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්.‍ හැබැයි ඒ එක්කම තවදුරටත් ජාතිවාදී ලයින් එකෙන් ගැලවෙන්න අකමැති උන්දැලා බොහොමයක් පාටලී චම්පිකලට, බන්දුල චන්ද්‍රසේකරලට නැතිවෙන්නත් පුළුවන්. මතකනේ පහුගිය දවස්වල අනුරුද්ධ ප්‍රදීප් කථාකාචාර්ය තුමත් ඉවත් උනා. කාරණය නම් අපිට තවම පැහැදිලි නැහැ.

මේ ඉහත ඡායාරූපයේ දකින්නේ පිහිටුවීමට නියමිත  ජනරජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ පැරණිතම  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන සගයෙක් වූ සහ පසුකාලීනව X කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වුනු කල්‍යානන්ද පෙරේරා (මැක් පෙරේරා) අතර සාකච්ඡාවක්. සෑහෙන වෙලාවක් දෙන්න කතාකලා කියල තමයි ආරංචිය. ඔන්න ඉතිං මැයි 22 ජනරජ පක්ෂයේ මංගල දැක්මෙදි ඔහොම පරණ කට්ටියවත් බලාගන්න පුළුවන් වෙයි කියල තමයි මේ ඉඟිය අපි දෙන්නෙ.

නවතම ලිපි