SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය ඉරිදා බුලත්සිංහල දී සාදයක් පැවැත්වුනා. ඒක තිබුනේ රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාගේ ලගම හිතවතෙක් වුනු මංජුල රණවකගෙ ගෙදර.

ඒකට හුගක් දේශපාලන නායකයින්ට වගේම විවිධ ක්ෂේත්‍රවල ලොක්කන්ටත් ආරාධනා කරල තිබුන. ඒ උනාට වැඩියෙන්ම හිටියෙ මාධ්‍ය ක්ෂේත්‍රයේ අය.

වැඩේ තියන්නෙ මොකකටද කියන කාරණය නම් හෙළිදරව් උනේ නැහැ. ඒත් ඒ සාදයට මේ දවස්වල කතාබහට ලක්වෙලා ඉන්න ප්‍රමුඛ පෙළේ දේශපාලකයො දෙපලක් වේලාසනම ඇවිත් හිටිය. ඒ, පාටලී චම්පික රණවක හිටපු ඇමතිතුමායි රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමායි.

මේ හමුවෙ යම් විශේෂත්වයක් තියෙනවද කියල රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් ඇහුවත් ඔහු ඒකට හරිහමන් උත්තරයක් දුන්නෙ නැහැ. ඒත් අපි ඇහුව මොකද චම්පික ඇමතිතුමා ජනාධිපති රනිල්ට එකතු වෙයිද කියල. රාජිත ලොක්ක ඒකට දීපු උත්තරේ තමයි වෙන්න පුළුවන්. ඒත් තාමත් ලොක්ක හරියට ආරාධනාවක් කරන්නෙ නැහැනෙ කියල. ඒ පාලම තැනීම ගැනනම් ප්‍රශ්නයක් තියෙන්න හැටියකුත් නැහැ. මොකද ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නෙ ඉතිං පාටලීගේ චිරාත් කාලයක් තිස්සෙ හිටපු මාධ්‍ය ලේකම්වරයනේ.

ඒ කතා මොනව උනත් මේ සාදයට කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු පක්ෂයේ ලලිත් වර්ණකුමාරත් (දයාබර මංජු) ඇවිත් හිටිය. ඒ වගේම ආශු මාරසිංහ, ජනාධිපති මාධ්‍ය අංශයේ ශානුක කරුණාරත්න වගේම ජනාධිපතිවරයාගේ ලයින් එලියට ගෙනියන වාහකයක් වුනු අශෝක ජයතුංගත් ඇවිත් හිටිය.  හුගක් කතාබතා මැද අශෝක කිව්වෙ මරු කතාවක්.

අපි ඇහුව ඔයා රනිල්ගෙ නිවුස් ප්ලාන්ට් කරන වැඩේනම් ලොක්කට ඔින විදිහටම කරනව නේද කියල. අශෝක කිව්වෙ ජනාධිපති රනිල්ගෙ නිවුස් විතරක් නෙවෙයි විපක්ෂ නායක සජිත් ගෙ නිවුස්  ප්ලාන්ට් කරන්නෙත් මම තමයි කියලයි. ඔන්න ඉතිං අශෝක  කියන්න එපා කිව්වට මොකද මාධ්‍ය ගොසිප්කාරයින්ට මොන රහස් ද නේද?

SAADAYA

 

මංජුල රණවක මේ සාදය සංවිධානය කරපු හේතුව මොකක්ද කියල නොකිව්වට මොකද මංජුල මේ කාලෙ සෑහෙන මාධ්‍ය සම්බන්ධතා ගොඩක් නඩත්තු කරනව කියලනම් නොකියම බැහැ. පහුගිය දවස්වල කෙහෙලියට මාධ්‍ය හරහා ලොකු බලපෑමක් එල්ල කරන්න මංජුල ලොකු වැඩ කොටසකුත් කරල තිබුන කියලයි කියන්නෙ.

සෞඛ්‍යය ක්ෂේත්‍රය අගාධයකටම වැටිල තියෙන වෙලාවෙ මංජුලගෙ ලොක්කට සෞඛ්‍ය ඇමතිකම නොදීම බැරිවෙන්න ජනාධිපති රනිල්ට සිද්ධවෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ. මොකද ඒ අල්ල පනල්ලෙ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා සම්තිං වෙනුවෙන්  කරන කියන දේවලින් හත්පොලේ ගාගන්නව ඇරෙන්න සෞඛ්‍යයට වෙන සෙතක් නම් නෑ කියල තවමත් නොදන්නෙ ජනාධිපති රනිල් විතරක්ම වෙන්නත් ඇති. ඒ ගැන නම් ඉතිං දන්නෙ එතුමම විතරක් නොවැ. ඉතිං රාජිත ලොක්කට සුබවාදී ආරාධනා සහ පණිවුඩ පිට පණිවුඩ ලැබෙමින් තියෙන වෙලාවෙ මංජුල රණවකත් ඉස්සෙන එක සාමාන්‍යයි නේ. ඒ මොනව උනත් මේ සාදයෙන් පස්සෙ ආරංචියේ හැටියට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල රුවන්වැලිසෑයේ පූජාවක් තියන්න ගිහින් තියෙනවා. රුවන්වැලිසෑයේ පොඩි හාමුදුරුවන්ව හමුවෙලා තමයි මේ පූජාව සංවිධානය කරල තියෙනව කියන්නෙ. එතනදි ඇමතිවරයා කිව්වයි කියල ආරංචිය මෙහෙමයි. “හාමුදුරුවනේ මේ දවස්වල හරියට ප්‍රශ්න. ඇමතිකම රැකගන්න එකත් දැන් ප්‍රශ්නයක් වෙලා. ඒ හින්ද මේ ඔක්කොටම එක්ක පූජාවක් තියන්නයි ආවෙ” කියල.

මේ සාදයට පාවිචිචියට දීල තිබුනේ සිංගල් මෝල්ට් වගේ මිළ අධික බීම වර්ග. ඒ කියන්නෙ මේ සාදය තුළ තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ සාද කතා ලතාවල මූලිකත්වයේ අදිසි අස්තය. ලොකු ව්‍යාපාරිකයෙක් කියලයි අපිට නම් ආරංචිය. ලගදි වාහන බිස්නස් එකකුත් ස්ටාර්ට් කරනවලු. පහුගිය කාලෙ පත්තරයකුත් පවත්වගෙන ගිය  මේ ව්‍යාපාරිකයත් එතන සාදය පුරාම හැමෝම එක්ක කතාබහ කරපු එකේ අපි නොදන්න තව මොනව හරි තියේවිද?

ඒත් ඉතිං එළිවෙන්නැති ප්‍රවෘත්තියක් අපේ මාධ්‍යකාරයොන්ට අහු නොවී තියේවියැ නේද? දැනගත්ත ගමන් එකෙන්ම කියන්නම්.

 

@Samaara Paranavithana

නවතම ලිපි