SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

43 සේනාංකයේ හිටපු ලේකම් Anuruddha Pradeep Karnasuriya ඉසිප්‍රියා ගැන ලියැවෙන අදහස්  ගැන ඔහුගේ අදහස කියා පෝස්ටුවක් පලකර ඇත.

 “එක් අන්තයක මුග්ධත්වය විසින් අනෙක් අන්තයේ මුග්ධත්වය බිහි කරනු ඇත.

ඉසිප්‍රියා සැමරුම් ගැන දැනට කීමට ඇත්තේ එපමණකි”. - අනුරුද්ධ ප්‍රදීප් කරන්සූරිය

 

ඔහුගේ එම පෝස්ටුව මගින් පසුගියදා ඔහු තම වසර 30ක පමණ කාලයක් කරන ලද දේශපාලන මිතුරුභාවයෙන්  ඉවත්ව යද්දී එයට හේතු සාධකවූ කරුණ ගැනද ඉඟියක් පල කරන බව පෙනේ. මන්ද  43 සේනාංකය දේශපාලන ව්‍යාපාරය නව පක්ෂයක් ලෙද ජනරජ පක්ෂය අරඹන්නට කල් යල් බලා තිබුනු වටපිටාවක සිදුවු හැරයාමක් ලෙස මෙය තහවුරු වන නිසාය.

මේ ගැන අද ලීඩර් ටීවී ගොසිප් එකෙන් කියැවුනේ මේ වගේ කතාවක්. අනුරුද්ධ ප්‍රදීප්ට සිදුවුනු හිත් පෙරලියේ අරුත පාටලී චම්පික තම දේශපාලන ගමන් මග වෙනස් කිරීම නිසාද යන්න දන්නේ ඔවුන් දෙදෙනා සහ ආසන්නතම හිතවතුන් පමණක් වන්නට ඇත. ඒ කුමක් වුවත් නව දේශපාලන පක්ෂයක් සමග මෙතෙක් චම්පික ඉදිරිපත් කළ දේශපාලන මතවාදයේ වෙනසත් ඊට බලපෑවාදෝ යන්න කාලයට බාර තීරණයකි.

ලීඩර් ටීවී අද ගොසිප් එක

චම්පිකට හෙළ උරුමය කරුමයක් වෙලා!

අපේ රට ඉදිරියට ගෙනියන්න තරම් පරිනත දේශපාලන අද්දැකීමක්, දැනුමක් , විෂන් එකක් තියන නායකයන් , දැන් අපේ රටේ ඉන්නවද කියලා , ඔය තැන තැන තියන සංවාද වල දී මතුවෙන බරපතල කාරණයක්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ත් පහුගිය දවසක ඔය ගැන කතාකරල තියනවා.

ඒ, ඔය අරගලේ හිටපු මහීල්ලත් එක්ක තිබුන රැඩිකල් කතාබහකදී.

දැනට එහෙමට හරි විෂන් එකක් තියෙන්නේ  චම්පිකට විතරයි කියල චන්ද්‍රිකා ඒ වෙලාවේ කිව්වා ලු.

ඒ කතා මොනවා  වුනත් ඔන්න චම්පික , ජාතික හෙළ උරුමේ පක්ෂයේ   නම  'ජනරජ පෙරමුණ' කියල 'රී බ්‍රෑන්ඩ්' කරගෙන ලෝන්ච් කරන්න ලු යන්නේ.

වැඩේ කියන්නේ පුදනකොටම කාපි  යකා කිව්වා වගේ , වැඩේට අතගහපු ගමන් චම්පිකගේ අතිජාත ගෝලයෙක් සියලු තනතුරු වලින් අයින්වෙනවා කියලා , පොඩි පහේ තගක් දාලා.

පොඩිපහේ පොරක් නෙමෙයි චම්පිකත් එක්ක අවුරුදු 30කට වඩා බඩ බැඳගෙන දේශපාලනේ කරපු කථිකාචාර්ය තුමෙක්.

පහුගිය කලේ වැඩිදුර අධ්‍යපනයෙට විදෙසගතවෙලා හිටපු චම්පිකගේ මේ සගයා , ඊයේ පෙරේදා චම්පික හම්බවෙන්න ගිහින් පොඩි ප්‍රශ්නයක් කතාකර ගන්න හිතාගෙන.

පොඩි ප්‍රශ්නයක් කිව්වට පොඩිත් නෑ  .

මොකද, ඔය ජනරජ පක්ෂයේ  නිලධාරී මණ්ඩලේ පත්කරද්දී චම්පිකත් එක්ක අවුරුදු 30කට වඩා බඩ බැඳගෙන හිටපු තවත් සගයෙකුට අසාධාරණයක් වෙලා කියල කියන්න ලු ගිහින් තියෙන්නේ .

දෙන්න එක්ක  එකට කෑම කන ගමන් කතාව පටන් අරගෙන.

'' නෑ නෑ .. එයාට මෙතන කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ  . අපි මුලදී අලුත් මුණුටිකක් දාගන්නවා. ඊට පස්සේ අපේ මිත්‍රයව ගන්නවා . ඒක  ප්‍රශ්නයක් කර ගන්න එපා..''

චම්පික කිව්වා ලු.

'' එහෙනං මටත් ඉන්න බෑ, මමත් අස්වෙනවා ''

සාකච්ජාවට ගිය කථිකාචාර්ය  තුමා කිව්වා ලු.

එහෙම කියල තියෙන්නේ  අස්වෙන්න බලාගෙන නෙමෙයි ලු.  පොඩි පාට් එකක් දාලා සමකාලින සගයාට අලුත් පක්ෂයේ  ඉදිරිපෙර තනතුරක් ගන්න ලු.

කොහෙද ..., චම්පික එක ඇහුනේ නෑ  වගේ කකා කකා හිටිය ලු.

ඔන්න ඊට පස්සේ ගිහින් තමයි ලු. ''මම සියලු තනතුරු වලින් අස්වෙනවා '' කියල කථිකාචාර්ය තුමා ෆේස්බුක් සටහනක් දැම්මේ.

දැන් ඔය ගැන එක එක කතා යනවා.

සමහරු කියන්නේ චම්පිකට ඔය හෙළ උරුමේ මතවාදේ අලුත් ගමනට ලොකු බරක්වෙලා කියල.

මොකද කොල්ලෝ කෙල්ලෝ ඉල්ලන ලිබරල් වෙනසට, හෙළ උරුමේ ෂේප් එක ගැලපෙන්නේ නැති නිසා, යන කට්ටියට යන්න කියල චම්පිකත්  ඔහේ බලාගෙන ඉන්නවා ලු.

චම්පික පහුගිය මාස කිහිපයේදී  විවිධ පක්ෂ කණ්ඩායම්, සංවිධාන හමුවෙවී ඔය ගැන  සාකච්ජා කර තිබුනා. 

චම්පික ඒ සියලුම දෙනා ම අලුත් පක්ෂය තුලට උරාගන්න ට්‍රයි එක දෙනවා.  .

'' හෙළ උරුමය චම්පිකගේ අලුත් වැඩේට හරියන්නේ නෑ  . ඒක  චම්පිකට අනවශ්‍ය බරක්. ඒකේ කිසිම  දේශපාලන පුදුමයකුත්  නෑ . '' කියලා

සමහරු කියනවා.

 සමබිම පක්ෂයේ  දීප්ති කුමාර ගුණරත්න නම්,  මේ වැඩේ අරගෙන තියන්නේ  positive විදියට.

තමන්ද දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස මෙම සමීපම යැයි කියාගන්නා ආදරවන්තයින්, හොඳින් ඉවත් වී යාම නායකයාට මෙන්ම ඉවත්ව යන ආදරවන්තයා යන දෙපාර්ශවයටම positive කියලයි දීප්ති කියන්නේ.

ඒ නිසා එම වෙන්ව යාම තමන් සුභවාදීව දකිනව කියල දීප්ති කියනවා.

එක් අතෙකින් සිංහල බෞද්ධ ජාතිවාදී ස්ථාවරයක හිදිමින් දෙමල ජනතාවගේ විමුක්ති අරගලය මර්ධනය කරන්න, ජ.වි.පෙ. හා තරගයට දකුනේ සිංහල ජනතාව ජාතිවාදය වටා සංවිධානය කල හෙළ උරුමය වැනි පක්ෂයක කොඩිය යටට සිංහල ජාතිවාදී නොවන පිරිස් ගොනු කර ගන්න තියන අපහසුව චම්පික දැන් වටහා ගෙන ඇති කියලයි දිප්තිලා කියන්නේ.

ඒ විතරක් නෙමෙයි, ආර්ථිකය සම්බන්ධයෙන් හෙළ උරුමයේ අදහසෙහි පැහැදිලි ඛන්ඩනයක් මේ මොහොතේදී චම්පික විසින් 43 වෙනි සේනාංකය හරහා මතුකරමින් තියනවා.

මේ නව පක්ෂයක් බිහි කිරීමේ ව්‍යායාමය ඉදිරියට ගෙන ඒමට ඔහුගේ සූදානම සාර්ථක වීමටත් එක හේතුවෙන්න පුළුවන්.

ඔය සීරියස් කතා මොනවා වුනත්, ලංකාවේ දේශපාලනය තුල චම්පික සලකුනු වෙලා තියන්නේ  සිංහල බෞද්ධ නායකයෙකු හැටියට. 

ජාතික නායකයෙකු හැටියට නෙමෙයි.

චම්පික ට අනන්‍ය වූ ඒ දේශපාලන ඇඳුම මාරු කරන්න චම්පිකට කොච්චර 'ගටක්‌' තියනවා කියල ඉදිරියේදී බලාගන්න පුළුවන්. 

නවතම ලිපි