SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොරැල්ල කනත්තේ දී අභිරහස් ලෙස මරණයට පත් ව තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ව්‍යාපාරික හිතවතෙකු වූ

ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකථන හා පරිගණක සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

 

රස පරීක්ෂකවරයාට ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සහ ඔහුගේ සමීප ඥාති හිතවතුන්ගේ දුරකථන හා පරිගණක ඇතුළු උපාංග විස්සක් මේ වන විට නඩු භාණ්ඩ වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර ඒ සම්බන්ධයෙන්ද තාක්‍ෂණික වාර්තා කැදවා ඇත.

 

@ lanka C news

නවතම ලිපි