SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිව්වන ආණ්ඩුව ලෙස නම් බැඳි "ජනමාධ්‍ය " අපේ රට තුළ සාධනීය යමක් ඉටු කළාද ?....... ඉටු කරමින් සිටිනවාද ?........

ඉතා සරළව ගතහොත් ගෝලීයකරණය හා හැල්මේ දුවන මාහා තාක්ෂණික මෙවලම් ගොන්නක් සමග සුහුරු කරමින් දිනෙන් දින දියුණුවන ලෝක ජනමාධ්‍ය හා ලංකාවේ ජනමාධ්‍ය සැසඳීමම විහිලුවකි.......

මක්නිසාදයත් අදවන විට මේසා විශාල තාක්ෂණයක් සහිතව ක්ෂණයකින් ලොව ඕනෑම අස්සක් මුල්ලක් නෑර සිදුවන දෑ වාර්තා කිරීමට තරම් අවස්තාවන් තිබියදීත්, එමෙන්ම අතිවිශාල දැනුම් සම්භාරයක් ජනමාධ්‍ය හරහා වාර්තා කරනවා විනා ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ජඩමාධ්‍යවේදීන් විසින් සැබෑ ජනමාධ්‍යවේදීන් පවා අවතක්සේරුවට ලක්කරමින් කුණු රස, කිසිඳු වැදගැම්මකට නැති පුයර බබ්බුන්ගේ පෞද්ගලික පැටිකිරිය අමු සිල්ලරේට විකුණමින් මාර්කට් කරමින් ජඩ දේශපාලකන් හට මයික්‍රපෝනය දික් කරමින් සිටීමයි....

මේ දැක්වෙන චායාරූපයේ සිටින මාධ්‍ය වෘතිකයින් කළ මාධ්‍ය මෙහෙවර හා ඊට ලැබුන ප්‍රතිපල වෙනුවෙන් වත්මන් ජනමාධ්‍යවේදීන් ගේ භූමිකාව කුමක් ද?

 

ජනමාධ්ය දිනය සුමුදු

ස්මාර්ට් ජංගම දුරකථන හෝ නොමැති යුගයක ඇතමුන් රාජ්‍ය මාධ්‍ය අංශ වල සේවය කරමින් රාජ්‍ය බදු වංචා හෙළිකරන්නට ගත් උත්සාහය හෝ වත්මන් මාධ්‍ය වේදීන් අවබෝධ කොටගෙන නැත.. කෙසේ එකී තොරතුරු අදාල ආයතන තුලින් පිටපත්කර ගැනීමට භාවිතා කළ ක්‍රමවේද මෙන්ම "ඇස කන " ඉවක් මෙන් භාවිතා කරමින් ඇතිකරගත් පුද්ගල සබඳතා ගැන හෝ අබමල් රේණුවක දල අදහසක් අදටත් නොමැත.....

තවද අදවන විට බොහෝ මාධ්‍යවේදීන් ගේ ජීවිත බලෙන් උදුරාගෙන ඇත... ඒ සියල්ලෝම තමන්ගේ හතරමායිම් ගැටලු විසඳාගැනීම පිණිස සිදුකළ ක්‍රියාවන්ගේ අතුරුඵල ලෙස ඔවුන්ගේ ජීවිත අහිමි කරගත්තා නොවන බව හෝ වත්මනේ ජනමාධ්‍යවේදීන් හඳුනාගෙන නැත.......

ඒ වෙනුවෙන් වසරකට වෙන්වන එක් දිනක් තුළ සැමරුම් සිදු කිරීමම විහිලු සහගතය..මක්නිසාදයත් අසිපතකට,වෙඩි උණ්ඩයකට වඩා බලසම්පන්න "පන්හිඳ" සත්‍ය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අචාරධර්ම වලට අනුකූලව හැසිරවීමට හැකියාව තිබෙද්දීත් නිවට නියාළුව කටයුතු කිරීම තුළ මානව සම්පත වෙනුවෙන් මහඟු කර්තව්‍යක් ඉටුකළ හැකි දැවැන්ත වෘත්තීයක් අපහරණය වෙමින් පැවතීමයි.......

තවමත් තම මාධ්‍යකරණයේ වගකීම වගවීම හඳුනානොගත්, මාධ්‍ය මුදලාලිලා යටතේ කෂේරුකාව බිඳගෙන කටයුතු කරන සියළුම මාධ්‍යවේදීන් වටහාගත යුත්තේ අදවන් දිනක හෝ තම හෘදය සාක්ෂිය අවදිකරවා ඊට තමාම ප්‍රතිඥාවක් ලබාදෙමින් තම වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන එකී වෘත්තීය හරහා සමස්ත මානව ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමය........

වින්දිතයින්ට යුක්තිය කිසිදා බන්දේසියක තබා ලබා නොදෙනු ඇත... යුක්තිය ඉටුකරවා ගැනීමට සක්‍රීයව දායක විය යුතුය.

යුක්තිය සාධාරණය වෙනුවෙන් පන්හිඳ ඔසවා දිවි අහිමිකරගත් මෙන්ම කුරිරු හිංසනයන්ට ලක් වූ ආදාරණීය මාධ්‍ය සොයුරෝ සහෝදර ඔබේ වගකීම ඉටුකරන තුරු බලාහිඳිනවාට සැක නැත........................

 

@ සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

නවතම ලිපි