SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි පහුගිය මැයි දිනයට පහුවදාම කිව්වනේ සජබ බස් හුටපටයක් ගැන.

ඔන්න දැන් සජබ ඇතුලෙවත් ලොක්ක ඇරෙන්න අනික් කව්රුවත් හරිහැටි නොදන්න කතාවක් ලේඩි ලීඩර් එකට ඇලර්ට් උනේ කොහොමද කියල කසු කුසුවක්ලු.

කතන්දරේ ඉතිරි හරියත් කියන්න අපි හිතුවෙ මේ කසුකුසුවට තවත් අඩුවැඩිය එකතු කරන්න බලාගෙනයි.

මෙදා සැරේ මැයි දිනයට පිට පළාත්වලින් සෙනග ගෙන්නන්න ලොකු බරක් නොදෙන්න සජබ පූර්ව රැස්වීම්වලදිම තීරණය කලේ බස්නාහිර පළාතට වැඩි බරක් දාලලු.

ඒකෙත් ගම්පහට සහ කළුතරට සෙනග පුරවපු බස් අවම තරමෙ 5ක් වත් වෙන්න ඔින කියලලු සාකච්ඡා උනේ. කොළඹින් ආසනයකින් 1000ක පිරිසක් සම්බන්ධ කරන්න කිව්වලු. පිට පළාත්වලින් එක බස් රථයක් බැගින් සෙනග ගේන්නලු  ලොක්ක ඇතුළු සංවිධායක කස්ටිය උපදෙස් දුන්නෙ.

වැඩේ කියන්නෙ මේ වගේ වැඩ වලදි හුගක් සංවිධායකල තමන් ගේන සෙනග ප්‍රමාණය ගැන බොරු කියල ලොක්කව අන්ඳනවලු. ඒව නම් ඉතිං හැමතැනම තියෙනවනේ නේද? දැන් බලන්නකො වජී... ලා. 

ඉතිං කැම්බල් පිටියෙ තිබුනු පහුගිය සජබ සංවත්සරයට මේ සංවිධායක උන්නැහෙල හීන් සීරුවෙ යටින් වැඩක් පටන් අරගෙන ගේන බස් රථ හා සෙනග වීඩියෝ කරන්න. ඒක සංවත්සරයට කලින් තිබුනු රැස්වීමකදි හෙළි උනාම ඒ වැඩේට සෙනග ගේන එක 80%ක් විතර සාර්ථක උනා කියලයි අපේ මිත්‍රයො අපිට කිව්වෙ.

මොනව උනත් ඒ යෝජනාව නම් පංකාදු පහයි කියල කියන්නම ඔිනේ. කව්රු උනත් අවංක බුවෙක් ඒ අදහස දීල තියෙන්නෙ. (සජිත් ලොක්ක මේව ගැනත් බරසාර වචන දාල අගයන්න ඔින හොඳේ.)

ඔන්න ඉතිං අපි මේ පාර මැයි දිනය ගැන වැඩේට එමුකො. මෙදා සැරේත් සෙනග ගෙනාව කියල බොරු කියල ලකුණු දාගන්න යන අයියල අක්කලව මාට්ටු කරගන්නලු මේ වීඩියෝ කරන එක නොදන්වාම කලේ. මොකද වැඩියෙන් වැඩ කරල මිනිස්සුන්ව සහභාගී කරවන සංවිධායකලටත් සාධාරණයක් කොරන්නලු මේ මිත්‍රයොන්ගෙ අදහස උනේ.

වැඩේ කියන්නෙ අපි කිව්ව කළුතර දිස්ත්‍රික් නායකයා විතරක් නෙවෙයිලු මේ වගේ බොරු කියපු තවත් අජිත්ලා තුන් හතර දෙනෙක්මත් මේ වෙද්දි මාට්ටු වෙලා කියලයි මේ වෙද්දි ආරංචිය. අපේ ඒව මාට්ටු උනේ නැහැ කියල සමහරු ආඩම්බර වෙනව කියලත් ආරංචියි.

ඒ විතරක්මත් නෙවෙයි කොළඹින් තමන්ගෙ ආසනයෙන් 1000ක් සහභාගී කරවන්න කිව්වට මොකද සමහර ආර්ථික ඔස්තාර්ල බොරුමයි කරන්නෙ කියලයි විශ්වාසවන්තම ආචාංචි මාර්ග අපිට කිව්වෙ.

ඔය ආර්ථිකයේ ගනං සූත්තරත් කරන්නෙ එවගේම බොරු ඇන්ඳිලිවලින් ‌ද දන්නෙ නැහැ කියල අල්ලපු වැටේ හිටපු මිත්‍රයෙක් අහද්දි ඔන්න අපි ඇහුන නෑහුන ගානට මේ ගොසිප විතරක් අදට ලියන්න ගත්ත.

 

කොහොම උනොත් මේ විදිහට හරියට ක්‍රොස් චෙක් උනොත්  සජිත් ලොක්කට අත ඉතිරි වෙන්නෙ හරිම අල්පයක් විතරයි කියල තමයි අපේ නම් අදහස.

නවතම ලිපි