SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ඖෂධ හිගය මෙන්ම ඖෂධ මිළට ගැනීමට ඇතිව තිබූ ඩොලර් හිගය පැවතෙන වකවානුව පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය බොර දියේ මාළු බාන්නට ගත් උත්සාහයන් කිහිපයක්ම අප පසුගිය කාලය පුරා වරින්වර හෙළිදරව් කළෙමු.

එම හෙළිදරව් කිරීම් නිසාවෙන්ම එම වංචනික සහ දූෂිත ක්‍රියාවන් හි පසුබිම පිළිබඳ  බොහෝ වගකිව යුතු පාර්ශ්වයන්ට දැනුවත් වීමට ඒ නිසා අවස්ථාවක් ලැබුනු බවද නොරහසකි.

 

එවැනි පාඩම් වලින් දැන උගත් අමාත්‍යාංශයක් අප සතුව තවමත් නැති බව නැවත වරක් පසක් කර ඇත. තම අමාත්‍යාංශය යටතේ යළිදු සිදුවන අක්‍රමිකතා පිළිබඳව  ජනතා බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට පිළිතුරු සැපයිය යුතුමය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය කැඳවීමක් සිදුකර අදාළ හෙළිදරව් කිරීම කර ඇත්තේ මෙසේය.

ඔහුට අනුව ඩොලර් සත 20ට ඉන්දියාවෙන් මිළදී ගතහැකි ඖෂධය වැඩිපුර මුදල් ගෙවා ඩොලර් සත 85කට සිංගප්පූරු සමාගමකින් මිලට ගෙන ඇත.

මෙම සිංගප්පූරුවේ තිබෙන Eureka Life Sciences නැමැති සමාගම කුමක්ද?  එය ලංකාවේ හිමිකරුවෙක් සහිත ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ හිමිකාරීත්වය සහිත ඇසෝසියේට් සමාගමකි.

පුබුදු ජයගොඩ කියන ආකාරයට කූඨ ව්‍යාපාරිකයො කිහිප දෙනෙකුට අවශ්‍ය ආකාරයට රටේ තියෙන ඩොලර් ටික එළියට ගෙනියන්න පාර කැපීමක් මේ හරහා සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සිදුවන කරුණු  කිහිපයක් ගැන එම මාධ්‍ය හෙළිදරව්වේදී පුබුදු සිදු කර ඇත.

  • ඖෂධ නිෂ්පාදකයෙක් නොවුනු කෙනෙක් ලංසු කරුවෙක් විදිහට ගන්නට ප්‍රසම්පාදන කමිටුව ඉඩ දුන්නේ ඇයි?
  • අඩුම මිළගණන් ඉදිරිපත් කරන සමාගමක් තිබියදී ඒ අඩුම මිළගණන් සහිත සමාගමෙන් ඖෂධ මිළට නොගෙන වැඩිම මිළගණන් සහිත සමාගමකින් ඖෂධ මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ ඇයි?
  • සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මේ වනවිට සකස් කරමින් සිටින කැබිනට් පත්‍රය කාගේ උවමනාවක් මත සිදුවන්නක්ද?

 

ඒ අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදේශ සංචාරය නිමාකර ලංකාවට පැමිණි වහා පැවැත්වෙන කැබිනට් රැස්වීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ විට කුමක් සිදුවේද? පසුගිය වතාවේදී මෙන් දෑස් පියාගත්වනම සියළුම කැබිනට් සාමාජිකයෝ ඊට අනුමැතිය පල කරාවිද?

පුබුදු ජයගොඩ ගේ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් ....

නවතම ලිපි