SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැයි 05 වෙනිදා ගාලුමුවදොර පිටියේ සීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවාලු.

ඒකෙ  නම  ‘සාදු නාද ශීල සමාධි වැඩසටහන - 2023’ ලු.

 

ආරංචියේ හැටියට මේ සිල් ව්‍යාපාරය බාරයක් ඔප්පු කිරීමක්ලු. සමහර විට ඉල්ලම පෑදුව මේ තැනම ඒ බාරය ඔප්පු කරන්න වෙන්නැති උපදෙස් ලැබිල තියෙන්නේ.

මේ වෙනුවෙන් කොළඹ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පී.ආර්. දේශබන්දු මහත්තයා  කොළඹ කලාපයේ විදුහල්පතිවරුන්ට ලියුමක් යවලලු.. ඒ ලියුමට අනුව කලාපයේ පාසල් සිල් ව්‍යාපාරයට ළමුන් 2453ක්, ගුරුවරු ගණන 104ක්  සහභාගී කරවන ලෙස දැනුම් දීලලු. ඒකත් අනිවාර්යය කරලලු.

වැඩේ කියන්නෙ හැම මගුලකටම ප්‍රතිපාදන වෙන්කරන ලොක්කො මේ සිසු දරුවන්  රැගෙන ඒම සහ නැවත ආරක්ෂිතව ආපසු රැගෙන යාම පිළිබඳව හෝ දැරිය යුතු වියදම් පිළිබඳව කිසිම වගකීමක් හෝ සඳහනක් නොකර තිබීමයි කියලයි කසුකුසුව යන්නෙ.


පහුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කරල තිබුණේ ආගමික කටයුත්තකට හැර වෙනත් කිසිවකට ගාලුමුවදොර පිටිය ලබා නොදෙන බවට යි. එම තීරණයෙන් පසුව මැයි දිනයට පවා ලබානොදුන් ගාලුමුවදොර පිටිය පළමු වරට ලබා දෙන්නේ මෙම සිල් ව්‍යාපාරයටයිලු. 

ඒකත් “පරණ පිනක් මගෙ හිසේ කඩා වැටුනා” කියල බාරයක් වෙනුවෙන් ලු.

නවතම ලිපි