SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැහි දවසට දෙමටගොඩ පාරවල්වල පයින් බඩගානකොට රෝසිගේ පලා කොටුව මතක් වෙනවා.

අර නිලට නිලේ තිබුණ නිල්ලේ එළවළු වවන්න රෝසී සෑහෙන්න වියදමක් කරන්න ඇති. ඉතිං මේ පාරවල්වල යනකොට උන්දෑ විතරක් නෙවෙයි උන්දැගේ මවු දෙමාපියොත් මතක් වෙන එක සාධාරණයි.

 

හරි මේකයි කතාව. වැහි දවස්වලට දෙමටගොඩ කියන්නේ අපායට දොරටුව වගේ තමයි. පාරවල් වතුර වලවල් වෙලා. පයින් යන මිනිස්සු සදා අනාථයි. කාර් බාර් වල යන උනුත් ගමන් යන්නේ පාරේ යන එවුන්ට උතුරා යන්න සෙනෙහස බෙදමින්. ඒ සෙනේ වතුරට තෙමිලා කුණුගඳ එක්ක තමයි පදිකයන්ට ඔෆිස්වලට යන්න වෙන්නේ.

දැන් කොහොමත් ලංකාවේ පදිකයන්ට පාරේ යන්න කිසිම ඉඩක් නෑ. පදික මං තීරු කියලා ජාතියක් දැන් කොහොමටත් නෑ. ඉතිං පදිකයන්ට පාරේ යන්න වෙන්නේ වාහනවල යන ඇත්තන් යෙහෙන් යන්න කැමැත්තෙන් ඉඩ දුන්නොත් විතරයි. යටකරගෙන ගියත් සොරි තමයි.

දෙමටගොඩ පාරවල් කියන්නේ ඉතිං වැහි දවසට ගංගාවල් තමයි. සිංහරාජේ මැදිනුත් පාරවල් හදපු එවුන්ට ගමක් ගමක් ගානේ කාපට් පාරවල් හදපු කාලකණ්ණීන්ට මේ පාරවල් වතුරෙන් යටවෙන එක වළක්වන්න බැරිවෙලා තියෙනවා. ගොඩක් පාරවල් කැඩිලා වළවල්. සමහර පාරවල් එක එක මඟුල්වලට හාරලාම කෙළවිලාම ගිහිං.

 

rhdr

 

නගර නිර්මානය කියන්නේ එහි ඉංජිනේරු කාර්‍යය කියලා කියන්නේ වෙන දෙයක්. ඔය නගර සභාවේ වගේම මාර්ග සංවර්ධනයෙත් ඉන්ජෝ ඉන්නවා ඇති ඒත් ඒ කාලකණ්ණින්ට වතුර බැහැලා යන විදිහට පාරවල් කාණු පද්ධති හදන්න, ඒවා නඩත්තු කරන්න බැරි ඇයි කියන්න මට නම් තේරෙන්නේ නෑ.

තමන්ගේ මිදුලේ තණනිල්ල කපලා පලා ඉන්දපු සෝසී නෝනත් මේවා දන්නේ නැතිව ඇති. උන්දෑ ඉතිං රත්තරං ලැට් හදන්න නේ කල්පනා කොළේ. කොහොම වුණත් කොළඹ නගර සභාව කියන්නෙත් වැඩක් වෙන තැනක් නෙවෙයි. කොළඹ නගරය අපායක් වෙන්න විදිහක් නෑ උන් වැඩ කරනවානම්.

ගම්වල ඉන්න 'පාරේ බල්ලො' වගේ මෙහේ ඉන්න නාගරික බල්ලොත් මම හිතන්නේ සෑහෙන්න ප්‍රශ්නයක්.. සිංගප්පූරුව වගේ රටවල් වල මිනිස්සු බල්ලෝ පාරට ඇරගෙන එනකොට සොපින් බෑග් එකකුත් අතේ තියාගෙන එන්නේ බල්ලා ජරා කලාම දාගෙන යන්න. මොකද තමන්ගේ බල්ලගේ ජරාව තව කෙනෙක්ට කරදරයක් වෙන්න විදිහක් නෑ. ලංකාවෙ නම් ඒක වෙන්නේ නෑ බල්ලා පාරට අරගෙන ඇවිත් රෙනකම් ලණුව අල්ලන් සැපට බලාගෙන ඉන්න එක තමයි කරන්නේ.

මම හිතන්නේ අනෙකාගේ නිදහසට බාදානොකර ඉන්න ලංකාවෙ එවුන් දන්නේ නෑ ගෙදර කැසට් එක උනත් දාන්නේ අල්ලපු ගෙදරටත් ඇහෙන්න. පන්සල්වල පීකර් කටවල් උනත් එච්චරයි.. ගෙදර කානුව උනත් බකස් ගාලා පාරට හරෝනවා. ගෙදරට වතුර ගන්න ඕනී උනොත් කාපට් එකක් උනත් එක රැයින් කඩලා බටේදාලා වැඩේ කරගන්නවා. නීතියක් කියලා දෙයක් නැති නිසා තමන්ගේ බූදලෙ වගේ කඩන්න බිඳින්න පුලුවන් නේ.

ඉතිං බලල් බලු ගූ පාරේ වතුර එක්ක මික්ස් වුණාම පුදුම සැපක් තමයි පදිකයන්ට දෙන්නේ. සමහර තැන්වල කඳු ගහපු කුණු මලු. මේක දෙමටගොඩට විතරක් සීමා වුණ දේකුත් නෙවෙයි කොළඹ නගරයේ ගොඩක් තැන්වල මෙහෙමයි. කොළඹ 07 කොළඹ 05 කොළඹ 04 වගේ ප්‍රදේශ හොඳට හරිතව පිරිසිදුවට තියෙන්නයි මේවගේ ප්‍රදේශ අපායන් වෙන්නයි හේතුව මොකද්ද? හේතුව තමයි ප්‍රභූ දේශපාලනය. මුන් තමන්ගේ ඔෆිස් එක ඉස්සරහත් පතෝල කොරටු හදනවා හැබැයි මේ මිනිස්සුන්ට පාරේ යන්න බෑ. වතුරට යට වෙනවා.

@කේ.සංජීව  fb

නවතම ලිපි