SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජබ මැයි දින රැළියට හැම දිස්ත්‍රික්ක සංවිධායකවරයෙක්ටම බස් රථ වලින් සෙනග අදින්න බජට් වෙන්කරල තිබුණලු.

ඔින්න ඉතිං මේ ගොසිප අන්න එහෙම සෙනග ගෙනාපු කළුතර දිස්ත්‍රික්කෙ සජබ නායකයෙක්ගෙ කෙරුවාවක් ගැන.

 

කළුතර දිස්ත්‍රක්කෙන් සජබ රැළියට සෙනග ගේනවට විපක්ෂ නායකවරයා එක බස් රථයකට රුපියල් 35000ක් වෙන් කෙරුවලු. ඉතිං ගේන බස් රථවල අංක ලියල දුන්නම ඔය ගාන ඒ බස් රථ ගානෙන් වැඩි කරල ගෙවනවලු.

අනේ ඉතිං අපේ කළුතර දිස්ත්‍රික්කයේ නායක මහත්තයත් ගෙනාවෙ නම් එක බස් එකක් පුරවල සෙනග උනාට බස් 10ක අංක දීලලු පක්ෂෙ සංවිධායක කමිටුවට. ඒ කියන්නෙ ලක්ෂ තුනහමාරක් ක්ලේම් කරලලු.

වැඩේ කියන්නෙ කව්රුත්ම දන්නෙ නැතිලු මේ ගෙනාපු බස් පෝලිම් පක්ෂයෙන් වීඩියෝ කළා කියල.

ඉතිං මේ විදියට පක්ෂෙටත් ගේම ගහන්න ගිහින් තියෙන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවීලු, එයා විපක්ෂ නායක - පක්ෂ නායකතුමාම පත් කරපු සජබ කළුතර දිස්ත්‍රික් නායකයා කියල තමයි ආරංචිය...

නවතම ලිපි