SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 08 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියෝග කර තිබේ.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

පෙත්සම්කාර ආදිවාසී නායකයා සිය පෙත්සම මගින් කියා ඇත්තේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවය.

ආදිවාසී නායකයා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය 2021 වසරේ පෙබරවාරි මස 08 වෙනිදාය.

@Lankatruth

නවතම ලිපි