SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් පහත දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 333කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.

මේ අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 135කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 330කි.

 

ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 295ක මිලට සහ කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 330ක්ව පවතී.

බදු 441%කින් වැඩි කරන්න සූදානම්

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සමග  රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂලාගේ ආණ්ඩුව අත්සන් කර තිබෙන ගිවිසුම නිසා ඇතිවන ප්‍රතිවිපාක කිහිපයක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබේ.

ඔහු එහි කරුණු 04ක් පිළිබඳව අවධාරණය කර ඇති අතර 2020 – 2028 කාලය තුළදී ජනතාව මත පටවා තිබෙන බදු බර 441%කින් ඉහළ යනු ඇති බවට පුරෝකථනයක්ද  කර ඇත.

එම සම්පූර්ණ සටහන පහත පරිදි ය.

“IMF සහ අපේ දෛවය

බොහෝ දෙනා මේ වන විට සිතාගෙන සිටින්නේ IMF යෝජනා තුළින් පමනක් අපේ රට ඉදිරියට ගෙන යා හැකි බවය. ඒ නිසාම එය පාර්ලිමේන්තුව තුළත් වැඩි ඡන්ද 95 කින් පමණ සම්මත වීය. අපි බලමු IMF යෝජනා 100 % ක මට්ටමකින් සාර්ථක වන තත්වයක තුළ දී 2028 වෙනකොට අපි ඉන්නේ කොහේද කියලා. කරුණු 4ක් පමනක් කියන්නම්.

  • IMF වල පුරෝකථන අනුව 2028 දි රටෙහි real GDP රු. බිලියන 13,291 බවට පත් වේ. එය 2018 දි ලංකාවේ පැවැති real GDP වන රු. බිලියන 13,235 ට ආසන්න අගයකි. එනම් 2028 වන විට අප නැවැතත් ලගා කර ගැනීමට හැකි වන්නේ 2018 පැවැති නිෂ්පාදන මට්ටම ය. අවුරුදු 10 කින් ආපස්සට ගිහිල්ලා නේද…
  • අද ඔබ භාවිතා කරන රු. 1000 ක වටිනාම 2028 වෙනකොට රු. 567 දක්වා පිරිහෙනවා…. එනම් ඔබේ වැටුප් වල වටිනාකම 40% වඩා අඩු වෙනවා නේද…
  • Tax burden in the country 2020 සහ 2028 අතර කාළයේ දී 441% කින් පමණ ඉහළ යනවා. 2023 සිට 2028 දක්වා කාලය ගත්තොත් ඔබ ගෙවන බදු 119%කින් ඉහළ යනවා. Income tax ආදායම 56% වැඩි කර ගන්න සිදු වෙනවා. Indirect tax 120%කින් පමණ වැඩි කර ගැනීමට යෝජනා කරලයි තියෙන්නේ… ඒත් එක්කම property taxවලින් රු බිලියන 554 ක් හොයන්න හදනවා… ඔබේ ගෙදරට, වාහනයට, ඉඩම්වලට බදු ගහලා තමයි මේක හොයන්නේ… 2025 දි මේක පටන් ගන්නයි හදන්නේ.
  • 2023 දි රටේ මුලු ණය රු. බිලියන 29,856 යි. 2028 වෙනකොට මෙක රු බිලියන 44,601 ක් වෙනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජය මේ වෙනකොට අරගන තියෙන ණය රු. 1,256,571 කි. මෙම ප්‍රමාණය 2028 වෙනකොට 1,930,796 ක් දක්වා වැඩි කර ගන්න යෝජනා කරලා තියෙනවා….

ඔබේ ආර්ථිකය දුර්වල කරලා, රටේ ණය බර වැඩි කරාට පස්සේ, රට කෑලි කෑලිවලට කඩල විකුණන එක වුණත් කරන්න පුළුවන් නේද….. වෘත්තිකයන් ට ඉහළ බදු ගෙවන්න කියලා රු බිලියන 100 ක් හොයන්න දඟලන ආණ්ඩුව, MV X – press Pearl නැවේ case එක යට ගහන්න රු බිලියන 90 ක පමණ මුදලක් bribary ලෙස අරගෙන තියෙන එක ගැන හොයන්නේ නෑ නේද…….

කමක් නෑ…. ඔහොම තව ටිකක් යමු…… මෙවා නොදන්න කම නිසා පාර්ලිමේන්තුවේ ඉන්න අය ඡන්දය ප්‍රකාශ කරන්න ඇති. පවි අනේ .. අනුකම්පා කරමු නේද…. ඒත් අර හවසට ගෙදරටම ගිහින් ministers ලාට උපදෙස් දෙන අපේ විද්වතුන් ට වත් මේව තේරෙන්නෙ නැද්ද…. ආණ්‌ඩුව විතරක් නෙවෙයි ප්‍රධාන විපක්ෂය ත‍්… එකඟ වෙලා ඡන්දය දුන්නා… නේද

මේවා තේරෙන්නේ නැතුව ඇති…… අනුකම්පා කරමු…. පවු අනේ….”

නවතම ලිපි