SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පවසා ඇති පරිදි තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බව

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කිරීමට කටයුතු කළේ සේවා අවශ්‍යතාවය මත බවත් පැවසූ ඇමැතිවරයා තමන්ට කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීමේ උවමනාවක් නැති බවද පැවසීය.

ස්ථාන මාරුව අසාධාරණ හා නීති විරෝධී යැයි කියමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ටිරාන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අජිත් රෝහණ මහතා වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන එසේ පවසන්නේ නම් ඔහු කවුදැයි නම සමගින් සඳහන් කරන්නැයි අජිත් රෝහණ මහතාට අභියෝග කරන බවද ඇමතිවරයා පැවසීය.

@Lanka C News

නවතම ලිපි