SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2015 -2019 පාලන කාලයේ අවසන් වසර වූ 2019දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 4,400ක අති විශාල මුදලක් වාණිජ පොලියට ලබා ගෙන තිබේ.

එයට පෙර එක් වසරක් තුළදී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකදි වැඩිම මුදලක් ලබා ගෙන තිබුණේ ඔහු අගමැති ධුරය දැරූ 2015 වසරේදී ය. එය ඩොලර් මිලියන 2,150කි. එමෙන් දෙගුණයක් 2019 වර්ෂය තුළදී පමණක් ලබා ගෙන ඇත.

 

මෙම ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම 2019 මාර්තු මාසයේදී ඩොලර් මිලියන2,400ක් ලබාගෙන ඇති අතර වසර 5කින් සහ වසර 10කින් ආපසු ගෙවීමට නියමිතව තිබී ඇත. එම වසරේම ජූනි මාසයේදී තවත් ඩොලර් මිලියන 2,000ක් ලබා ගෙන ඇත්තේද වසර 5කින් සහ 10කින් ආපසු ගෙවීම සඳහා ය.



මෙම ණය ගැනීම් සම්බන්ධයෙන් උදම් අනමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව තබා තිබූ සටහන මෙසේය.


“ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ අඛණ්ඩ විශ්වාසය පිළිබිඹු කරමින් මෙම වෙන්දේසිවලදී පුළුල් පරාසයක විහිදුණු ආයෝජකයින් රැසකගේ දැඩි උනන්දුවක් දක්නට ලැබිණි”

 

hapankam 2

 

@Lanka Truth

නවතම ලිපි