SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගොඩහේවාට සිදුව ඇත්තේ මහත් විපාක ඵල දීමකි. අද ඔහු වෙනුවෙන් එක වචනයක් කතා කරන්නට පාර්ලිමේන්තුවේ තබා සමාජ මාධ්‍යයේවත් කිසිවෙකුත් නැත.

රාජ්‍ය සේවයට එන්නට ඔහුට අවස්ථාව සලසා දුන්නේ රාජපක්ෂවරුන්ය. දේශපාලනයට එන්නට ඔහුට අවස්ථාව සලසා දුන්නේ පොදුජන පෙරමුණය. ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ඔහු හදාගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතා ලියන්නා තරම් සමීපයෙකු විලසිනි. නමුත් ඔහු ඒ සියල්ලට පිටුපා අභියෝගාත්මකම අවස්ථාවේ නිවටයෙකු ලෙස තම නායකයන්ට සහ දේශපාලන කඳවුරට ද්‍රෝහී විය. ද්‍රෝහීන්ට කිසිවෙකුත් කැමති නැත.

 

ඔහු සිතන්නට ඇත්තේ ලිබියාවේ මෙන් සාහසික අරගලකරුවන් අතින් මෙරට ජනාධිපති ඝාතනය කරනු ඇත කියාය. ඔහු සිතන්නට ඇත්තේ ඉරාකයේ මෙන් සහාසික අරගලකරුවන් අතින් මෙරට අගමැති ඝාතනය කරනු ඇත කියාය. ඔහු සිතන්නට ඇත්තේ පොහොට්ටුව ඉවරෙටම ඉවරය කියාය. දේශපාලනය ගැන ඔහුගේ අවබෝධයේ තරම එයින් පෙනේ. තමාට අතිශය කාරුණික වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට වරද පටවා ඔහු හැදුවේ අරගලකරුවන්ගෙන් අනුකම්පාව දිනා ගැනීමටය. තමන්ගේ නායකයාව පාවා දී තමන්ගේ තැන ආරක්ෂා කරගන්නටය.

ගොඩහේවා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනමාධ්‍යයේ සිදු කළ අභුත චෝදනා නිසා ගෝඨාභය මහතා එදා කණගාටු වුණා. ඒ පාපකර්මයම ඇති ගොඩහේවාට ජීවිතය පුරා විඳවන්න. මිනිස්සු වියත්මගට බැන්නට රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පත් කරපු තරමක් පත් කළේ වියත්මගේ සාමාජිකයන් නොවන බව ඔවුන් බොහෝ දෙනා දන්නේ නැත. ඒ ආයතනවලට පත් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේම අය වීම අහම්බයක් නොවේ. ඒ ආයතන අසාර්ථක වීමත් ඒ අනුව අහම්බයක් නොවේ.

ගොඩහේවා ගැන මා හට කිසියම් ගෞරවයක් තිබුණේ ඔහු දක්ෂ සංවිධාන නායකයෙකු යැයි මා සිතූ නිසාය. නමුත් අරගලය තුළ ඔහුගේ හැසිරීමෙන් එම ගෞරවය නැති විය. මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ නායකයාට ද්‍රෝහී නොවිය යුතුය. විශේෂයෙන්ම සතුරාට එරෙහිව සටන් කරන මොහොතක තමන්ගේ නායකයා තනි නොකළ යුතුය. මැරෙන්න හරි තමන්ගේ නායකයා සමග එකට හිටගත යුතුය. තමන්ගේ නායකයාට ද්‍රෝහී වෙන පුද්ගලයාට ඊළඟට තමන්ගේ කණ්ඩායමේ අයට ද්‍රෝහී වීම කජ්ජක් නොවේ. Teamwork පරීක්ෂණයෙන් ගොඩහේවා දුක්ඛිත ලෙස අසමත් විය. ධර්මය අපට මග වේවා!

 

@ එරන්ද ගිනිගේ

2023 අප්‍රේල් 28

නවතම ලිපි