SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසි වලට අපි විරුද්ධයි’ යයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

අයි,එම්,එෆ් ගිවිසුම ගැන කිව්වත් ගිවිසුම තාමත් සභා ගත කරලා නෑ.අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඔබතුමාලා කරපු ඉල්ලීමයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගිවිසුමයි.තවමත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.ගිවිසුම නැතුව තමයි අපි මේ වාද විවාද කරන්නේ.ගිවිසුම මොනවා තියනවද කියලා අපි දන්නේ නෑ.වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති උනාට පස්සේ පාර්ලිමේන්තුවට කීප වතාවක් ආවා.අපි කිව්වා ගිවිසුමේ අඩංගු කරුණු අපට දෙන්න කියලා.නමුත් කිසිම කරුණක් අපට දුන්නේ නෑ.

 

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව රට බංකලොත් කෙරුවා.අපි ආණ්ඩුව භාර දෙන කොට ඩොලර් මිලියන 7800 සමඟයි රට භාර දුන්නෙ.මේ අය ඒක බින්දුවට බස්සව්වා.ඒක තමයි පළවෙනි වැරැද්ද.දෙවැනි වරද්ද මොකක්ද?දෙපැත්තෙම ඇයි කියනවා දාසය වතාවක් අයි එම් එෆ් ගියා කියලා .නමුත් වෙනස මේකයි,ඒ හැම දාසය වතාවෙම ගියේ රට බංකොලොත් වෙන්න කලිනුයි.රට බංකොලොත් වෙන්න කලින් i m f ගියානම් අපිට ගනුදෙනු කරන්න තිබ්බේ අයි එම් එෆ් එක සමග විතරයි.නමුත් බංකොලොත් උනාට පස්සේ අයි,එම්,එෆ් ගියාම යි,එම්,එෆ් අපි විතරක් නෙමෙයි ණය කරුවනුත් මේකට එකතු වෙනවා.මේකයි ආණ්ඩුව කරපු වැරැද්ද.බංකොලොත් වෙන බව දැනගෙන ප්‍රමාද කෙරුවා.

 

2021 බැසිල් රාජපක්ෂ මහතාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා අයි,එම්,එෆ් යනවද නැද්ද කියලා?එතුමා ඒ වෙලාවෙත් කිව්වේ යන්නේ නෑ කියලා.ආණ්ඩුව නියම වෙලාවට අයි,එම්,එෆ් ගියේ නෑ. රට බංකොලොත් උනාට පස්සේ අයි එම් එෆ් එක්ක කතා කරලා මේක විසඳගන්න බැ.ණය කාරයෝ ඔක්කොම මේකට ඇතුළත් වුණා.ආණ්ඩුව මේ වගේ වැරදි කරලා කොහොමද රට පාලනය කරන්නේ.අපේ සභානායකතුමා කිව්වා බැංකුවට ගියාම ණයක් ගත්තාම සමාගම බංකොලොත් නම් බැංකුවෙන් කියනවා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්න කියලා.දැන් රට බංකොලොත් කරපු අයම අය් එම් එෆ් ගිහිල්ලා රට ගොඩ ගන්න හදනවා.මේක කරන්න බෑ.සමාගමක් බැංකුවට ගියාම කියන්නෙත් බංකලොත් කරපු අධ්‍යක්ෂ මන්ඩලේ අස්වෙන්න කියලා.හරින්ම් දැන් ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕනේ.බංකොලොත් කරපු අයට ණය දෙන්නේ නෑ.

අපේ රටට දැන් ඕන අලුත් ආණ්ඩුවක්.ජනාධිපතිතුමා එනකොට රට බංකොලොත් වෙලා.නමුත් ආණ්ඩුව තමයි මේ විනාශය කළේ.රට බංකොලොත් කෙරුවා ,ප්‍රමාදවෙලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා.මුළු රටම විනාශ කෙරුවා.48 සිට ආණ්ඩු ගණනාවක් රට පාලනය කළා කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ.මේ අය රට බංකොලොත් කරලා හංගගෙන හිටියා.පාර්ලිමේන්තුවට කිව්වෙත් නෑ.පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම කඩ කරලා තියෙන්නේ ආණ්ඩුවයි.මේ ගිවිසුමේ තියෙනවා රජය නීතිය නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න ඕනි කියලා.නමුත් රජය මොකක්ද කරේ?සල්ලි හම්බ උනා විතරයි මැතිවරණය කල් දැම්මා.අපි උසාවි ගියා අධිකරණය කිව්වා මැතිවරණය තියන්න සල්ලි දෙන්න කියලා නමුත් අධිකරණ නියෝගය නොසලකා හැරියා.කොහෙද නීතිය උත්තරීතර භාවයක් තියෙන්නෙ?අධිකරණ තීන්දුව නොසලකා හැරියා.තීන්දුව දුන්න විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්වන්න හැදුවා.දැනටමත් ආණ්ඩුව මේ ගිවිසුම කඩලා තියෙන්නේ අපිට දොස් කියන්න එපා.ජුනි මාසය ඔබතුමාලට මේකට උත්තර දෙන්න වෙනවා.

පුවත්පතක තිබ්බා ආදායම දෙගුණයක් බවට පත්වෙලා .දැන් මැතිවරණය තියන්න පුළුවන්.ආණ්ඩුව කියනවා නම් දැන් ඔක්කොම හරි මිනිස්සුන්ට හොඳයි කියලා මැතිවරණයකුත් තියන්න.පුවත්පත්වල සමීක්ෂණ වාර්තා පවා කියන්නේ මැතිවරණයක් අවශ්‍යයි කියලා.අපි මේ ගිවිසුමේ කොන්දේසි වලට විරුද්ධයි.එකක් දේශීය ණය ප්රතිව්යුහගත කිරීම ,අනික් කාරණය අර්ථසාධක අරමුදලේ තත්වය.විදුලි බිල,අධික බදු බර,දේශීය ණය ප්රතිව්යුහගත කෙරුවොත් වත්කම්වල වටිනාකම 30% කින් අඩුවෙනවා.epf ප්රතිව්යුහගත කෙරුවොත් epf වටිනාකම 30% කින් අඩුවෙනවා.මේක දරාගන්න බෑ.

අපි ඔක්කොම අයි,එම්,එෆ් ගිවිසුම ගැන කතා කරනවා.නමුත් මොකද්ද ජනාධිපති තුමා කිව්වේ?යලිත් 2019 පැවැති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වනුයේ 2028 දී බවයි.තව වසර කීයක් බලන් ඉන්න ඕනද.මේ අය කරපු විනාශය තමයි මේ.දැන්වත් තේරුම් අරගෙන ජනතා මතයට ඉඩ දෙන්න.මැතිවරණ කල් දාලා.ඡන්ද වලට බයේ රටක් පාලනය කරන්න පුලුවන්ද?කෝවිඩ් අර්බුදය උච්ච අවස්ථාවේ දී ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය තිබ්බා.මෝදි ප්‍රාන්ත පහම පැරදුනා .කොවිඩ් අර්බුදය මර්දනය කරලා රට හොඳ තත්ත්වයට ගෙනල්ලා මැතිවරණය තිබ්බාම එතුමා ප්‍රාන්ත පහම දින්නා.මැතිවරණ වලට බය වෙන්න එපා.ආණ්ඩු එනවා යනවා එම නිසා ජන මතයට හිස නමා මැතිවරණය පවත්වලා ජනමතයේ ඉස්මතු වෙන්න අවස්ථාව ලබා දෙන්න. 

මේ ගහපු IMF ගිවිසුමට අපි විරුද්ධයි! අපි කිව්ව වෙලාවේ ගියා නම් මේක වෙන්නෙ නෑ! මේ මොන ගිවිසුමක්ද? මිනිස්සුන්ට බදු ගහනවා! මිනිස්සුන්ගෙ ලයිට් බිල් වැඩි කරනවා! මේවට අපි අත උස්සන්නේ නෑ! - එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා පගේ පාර්ලිමේන්තු කතාව VIDEO

@ Media unit

නවතම ලිපි