SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය රූපවාහිනි නිවේදිකාවට එල්ල වූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹයි.

ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන අංශයේ හිටපු නිවේදිකාවකට  ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමන් ITN සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දුන් බව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

 

ITN නාලිකාවට සම්බන්ධ හිටපු මාධ්‍යවේදිනියක් වන ඉෂාරා දේවේන්ද්‍ර පසුගියදා චෝදනා කළේ තමාට ITN ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් නිරන්තරයෙන් ලිංගික හිරිහැර සිදුවන බවයි.

 

මෙම ලිංගික අතවර පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි සහ හඬපට පටිගත කිරීම් සහිතව බලධාරීන් දැනුවත් කළද කිසිවකු පියවර නොගත් බවට ද ඇය චෝදනා කළාය.

ඒ අනුව තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇය පැවසුවාය.

ඇය වැඩිදුරටත් පවසා තිබුණේ මෙවැනි හිරිහැරවලට නිරන්තරයෙන් කාන්තාවන් මුහුණ දෙන පරිසරයක් ITN තුළ පවතින බවයි.

 

sudarshana

 

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ITN සභාපතිවරයා කියා සිටියේ ITN ආයතනයේ කළමනාකාරීත්වය බාහිර විමර්ශන නිලධාරියෙකු තෝරා ගැනීමට මේ වනවිට  කටයුතු කරමින් සිටින බවයි.

"මම සෙනසුරාදා සිට නිවාඩු ලබා සිටින අතර තායිලන්තයේ චියැං මායි හි UNDP විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටිමි," ඔහු පැවසීය.

මේ අතර මාධ්‍යවේදී  වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් වින්දිතයාගේ නිර්භීතකම සහ “ම්ලේච්ඡ ක්‍රියාව” නොබියව හෙළි කිරීමට ඇය ගත් පියවර පැසසුමට ලක් කර ඇත.

 

@දර්ශන සංජීව බාලසූරිය

උපුටාගැනීම - dailymirror.lk

නවතම ලිපි