SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටට විශාල ආදායමක් ලබාදෙන විදේශ රැකියා ක්ෂේත්‍රෙය් සේවය කරන කාන්තාවන් මුහුණදෙන ගැටලු නිරාකරණය කරගැනීම සදහාත් දූෂණ අක්‍රමිකතා හා විදේශ රැකියා ජාවාරම් වැලැක්වීමටත්

මෙම ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට කාත්නා සංවිධාන තුනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අමාත්‍යවරයාගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවිය.

 

ගැමි කාන්තා පෙරමුණ, ජෙස්මින් කාන්තා සංවිධානය, ගාල්ල ව්‍යාපාරික කාන්තා සංසදය එක්ව අමාත්‍යවරයා වෙත අද දිනයේදී (24) සංදේශයක් භාරදෙමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට වන ලිඛිත ඉල්ලීම කළේය.

 

විදේශ ගත කාන්තා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සිය සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන බවද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කරන බවද එම සංවිධාන අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියේ සදහන් වේ.

 WhatsApp Image 2023 04 24 at 14.43.09

 

ඩිජිටල්කරණයට ලක් කිරීම මගින් විදේශ රැකියා ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීමට හැකියාව ලැබෙන බවද, ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුහුණදෙන ගැටලුවලට විසදුම් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද එම කාන්තා සංවිධාන අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

 

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම මගින් විදේහ රැකියාවකට ඉල්ලුම් කිරීමේ සිට රැකියාව ලැබෙන තෙක් සහ ඉන් පසුව ඇතිවන තත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවද එම ලිපියේ දැක්වේ. ඒ අතරම විදේශ රැකියා ජාවාරම්කරුවන්ට වැට බැදීමටද මේ මගින් හැකියාව ලැබෙන බව එම සංවිධාන අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේය.

 

එම සංවිධාන කළ ඉල්ලීම පිළිගත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ලංකාවෙන් විදේශ ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන අඩුපාඩු, වැරදි, දූෂණ, අක්‍රමිකතා වැලැක්වීමට වගේම ශ්‍රමිකයින් මුහුණදෙන ගැටලුවලට විසදුම් ලබාගත හැකි ආකාරයේ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ඉල්ලීමක් කරනු ලැබුවා. විදේශ රැකියා ක්ෂේත්‍රමය ඩිජිටල්කරණයට ලක් කරලා අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න කියන ඉල්ලීම තමයි මේ අය ඉල්ලා සිටියේ. මේ අය රිසානා නාෆික්ගේ සිදුවීමේ ඉදලා  විදේශ ගත වන ශ්‍රමිකයින් මුහුණදෙන දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් පෙනී සිටි කණ්ඩායමක්. මේ වගේ සිදුවීම් නැවත සිදු නොවීමට ලෝකයේ අනෙක් රටවල තිබෙනවා වගේ අලුත් තාක්ෂණය එක්ක යන්න කියන ඉල්ලීම තමයි මේ අය කරනු ලැබුවේ.

 

WhatsApp Image 2023 04 24 at 14.43.11

අමාත්‍යාංශය විදියට ඉදිරියේදී අපි මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන අවශ්‍ය කටයුතු කරන බවට සහතික වෙනවා. විදේශ ගත ශ්‍රමිකයා වැඩ කරන්නේ කොතැනද, ඔවුන්ට යම්කිසි කරදරයක් වෙනවාද කියන එක වාර්තා කරන වැඩපිළිවෙලක් හදන්න කියන ඉල්ලීමනේ මේ අය කරන්නේ. දැන් සිදුවෙන්නේ මේ අයට කරදරයක් වුනාට පස්සේ වාර්තා කිරීමයි. ලක්ෂ ගණනක පිරිසක් පිටරට සිටියදී එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරදර වෙන්න පුලුවන්. හැබැයි එහෙම කරදර වෙනවා කියලා බලාගෙන ඉන්න අපිට බෑ. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, අමාත්‍යවරයාට අදාල සේවකයාගේ සේවිකාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්ෂණිකව, එසැන සොයා බැලීමට හැකි ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ යෝජනාව අපි පිළිගන්නවා. කඩිනමින් ඒක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට  විදේශ රැකියා ක්ෂේත්‍රෙය් වංචා දූෂණ කරන කාටවත් ඉඩක් ලැබෙන්නේ නෑ.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි