SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

43 සේනාංකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ඔහු එබව සඳහන් කළේ, ''ගිනිගත් නැවෙ වන්දිය ගත්තම අපිට IMF වලට යන්න ඕන නැති තත්ත්වයක් ද තියෙන්නෙ?'' යයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරිමකදීය.



43 සේනාංකයේ නායකයා එහිදී තවදුරටත් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.




''නැවේ බ්ලැක් බොක්ස් එකත් අතුරුදහන්''


''මේකේ පටන් ගැන්මේ ඉදන්ම මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා හිටපු සහචර, අනුචර පිරිස් වගකියන්න ඕනේ. මොකද මේ නැව කටාර් රාජ්‍යයට ආවා. කටාර් රාජ්‍යයට ආපු වෙලාවේ, දැනගත්තා නැවේ තියෙන ඇතැම් රසායන ද්‍රව්‍ය අනතුරුදායක විදියට කාන්දු වෙමින් තිබෙන බව. කටාර් රාජ්‍යයෙන් පිටමං කරාම ඉන්දියාවට ආවා. ඉන්දියාව ඒක පිළිගත්තෙත් නැහැ. ඒ අනුව තමයි ලංකාවට ආවේ.

එතකොට ලංකාවට ආවට පස්සේ ලංකාවට ආපු එකේ හාමාස්ට එහෙම නැත්නම් වරායට එහෙම නැත්නම් අර අපි කියන ජෙනරාල්ට අදුන්නු ලිපි ඊමේල් ඒ වගේම මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. ඒ කියන්නේ නඩු පැවරීම සඳහා තියෙන නඩු භාණ්ඩ ටික ඔක්කොම අතුරුදහන්. කාටද මේවා කරන්න පුළුවන්? මේවා කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වෙලා හිටපු අයට පමණයි.

ඒ අනුව මේ ගෝඨාභය මහත්තයා මේ ගොඩබිමට විතරක් නෙමෙයි මේ විනාශය කළේ පොහොර නොදී. අපේ සාගර ජල තලය. ඒ තියෙන අපේ සාගර සම්පත තව සියවස් ගාණකට විනාශ කළා.



දැන් සාගර දූෂණ මර්දන අධිකාරිය කොමිටියක් පත් කරලා හඳුනාගෙන තියෙනවා. මේ පාඩුව ඩොලර් බිලියන 6.4 ක් කියලා. ඉතින් නිසි කාලෙට මේක නඩු පවරනවාද? මොකක්ද ගන්න ක්‍රියාමාර්ග කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාම කියනවා මෙහෙම පුද්ගලයෙක්ගේ නමට, ගිණුමකට ඩොලර් මිලියන 250 ක් වැටිලා තියෙනවා කියලා. ඉතින් එතුමාගේ වගකීමක් තියෙනවා කියන්න රටට. කවුද ඒ? ඒක නිකන් පොලිස් පරීක්ෂණයට දීලා හරියන්නේ නැහැ. ඕක තව මාස කිහිපයකින් අමතක කරලා හරියන්නේ නැහැ. මේ රටේ සාගරයට සියවස් ගානක් අපේ සාගර සම්පතට හානියක් සිදුවෙන පරිද්දෙන් වගකීම් විරහිතව කරපු මේ ක්‍රියාවට දඩුවම් දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.



ඒ වගේම වන්දි ගැනීම අනිවාර්යෙන්ම අවශ්‍යයි. ලෝකේ හැම රටක්ම කරන්නේ එහෙමයි. එතකොට මේ රටේ අපේ වරාය අධිකාරිය ඒ වගේම වාණිජ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ වගේම මේ නැවේ ගින්න නිවාගන්න පුළුවන් වුණේ ඉන්දියන් හමුදා, නාවික හමුදාව ඇවිල්ලා. මේ සියලු දෙනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කෙරුණා නම්, ඒ පරීක්ෂණ වාර්තාව එකේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නත් ඕනි. මේ වන්දි අයකර ගැනීම යන්නත් ඕනේ.


නාවික ක්ෂේත්‍රයේ ඉන්න කුප්‍රකට පුද්ගලයෙක් !

 

මේ සම්බන්ධයෙන් නඩුව යට ගැහීම සඳහා, ඊමේල් පණිවිඩ මකා දාන්න, තොරතුරු දත්ත පද්ධතිය මකා දාන්න. නැවේ තිබුණු කළු පෙට්ටි අතුරුදහන් කරන්න ක්‍රියා කරපු ජාවාරම්කාර පිරිස, ඒ වගේම ලංකාවේ එක් නාවික ක්ෂේත්‍රයේ ඉන්න කුප්‍රකට (නම කියන්නත් කැතයි)  පුද්ගලයෙක් කිව්වා මේ නැව ඇදගෙන යනවා කියලා. මම ගිහිල්ලා මේක ප්‍රශ්නෙ බේරනවා කියලා. ඉතින් ඒ නිසා ඔහුට ඒ බලය ලැබුනේ ගෝඨාභය රාජපක්ෂගෙන්. ඒ නිසා දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් පලවාහරින ලද සිවිල් පුරවැසියෙක්. ඔහු මෙයට වගකිව යුතුයි. ඔහුව දැන් ගෙන්නන්න ඕනේ මේ අධිකරණයට ඒක ඉතාම අත්‍යවශ්‍යයි දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව.

ඒ අනුව මම නම් හිතන්නෑ මේකත් අර මහ බැංකු ප්‍රශ්නය වගේම කෙරෙන මඟුලක් නෙවෙයි. මොකද මේකට බොහෝ බලගතු පිරිස් සම්බන්ධයි. ලොකු මුදල් ගණුදෙනු ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන 6.4 ක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම දැවැන්ත මුදලක්. IMF එකෙන් 8% පොලියට, IMF එකෙන් අපට ලැබුනෙ ඩොලර් බිලියන 2.9 යි. ඒ වගේ දෙගුණයකට වැඩි මෙහෙ නිකන් ලැබෙන්න යනවා. ඒ නිසා මේක අපි හිතන්නෑ වෙයි කියලා. හැබැයි මේක මේ රටේ පුරවැසියෝ දැනගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ වටා හිටි චෞර පිරිස, ඒ අනුචර, සහචර ජාවාරම්කාර කල්ලියේ තවත් ජාවාරමක් අර සීනි වංචාව, පොල්තෙල් වංචාව හා අනෙක් වංචාව වගේ තවත් වංචාවක් මේක.''

 

@theleader.lk

නවතම ලිපි