SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 

දේශබන්දු සැකකරුවෙක් ලෙස අධිකරණයට!

ඒ අනුව ඉදිරි නඩු කටයුතුවලදී දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අධිකරණය හමුවට ගෙන්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රහාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතු ආකාරයත්, ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මග හැර තිබුණු ආකාරයත් මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවක දී අනාවරණය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව නීතිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මේ ආකාරයේ මැදිහත්වීමක් නොකරනු ඇති බවට පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයින්ගේ විස්වාසය වී ඇතැයි පැවසේ.

 

පොහොට්ටු නායකයින්ගේ කණස්සල්ල!

තමන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ දේශබන්දු තෙන්නකෝන් වැනි ආරක්ෂා අංශ ප්‍රධානින් සම්බන්ධයෙන් මෙසේ දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවීම ද පොහොට්ටු පක්ෂ නායකයින්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද පැවසේ.

කැබිනට් මණ්ඩලය පත්කිරීම දිගින් දිගටම පමාකිරීම මත මේ වනවිට ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරුන් අතර සිතල ගැටුමක් හටගෙන ඇති අතර දේශබන්දු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇනීමක් වියහැකිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මල්වතු මහ නාහිමියන් රාජපක්ෂවරුන් සමග අමනාප වූයේද පොලිස්පති පත් කිරීමේ ආරවුලක් අරභයායි. ඇතැම් විට මේ රාජපක්ෂවරුන් ගේ දෙවැනි පොලිස්පති ඇනගැනීම විය හැකිය.

 

@Theleader.lk

නවතම ලිපි