SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Fabric Softener නිෂ්පාදනය 15%ක වැට් බද්දෙන් නිදහස් කර රජයට මිලියන සිය ගණනක් බදු මුදල් අහිමිකළ මුදල් අමාත්‍යංශ නිලධාරියා ලේකම්ද? අධ්‍යක්ෂ ජෙනරාල්ද?

රට බංකොලොත්භාවයට පත්කිරීමට හේතුව දේශපාලනඥයින් පමණක් නොව සමහර රාජ්‍ය නිළධාරීනුත් වගකිව යුතු බව අප නිරන්තරයෙන්ම ගෙන ආ කාරණයකි. රාජ්‍ය නිළධාරීන් ප්‍රතිපත්ති ගරුක වූයේ නම් දූෂිත දේශපාලකයින්ට මේතරම් රඟන්නට අවස්ථාවක් නැති වන්නට ඉඩකඩ තිබුණ බව මේ වනවිට සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් සිදුවන්නේ දේශපාලකයින් වගේම සමහර නිළධාරීනුත් තම වෘත්තියට වංචා කරමින් රට අගාධයට ඇද වට්ටමින් තම මඩිය තරකර ගන්නට ක්‍රියා කිරීම ය.

 

දුප්පතාගේ බනිස් ගෙඩියටත්, පාසල් දරුවාගේ කොපි පොතටත්, පැන්සලටත් 15% ක වැට් බදු පැනවූ  මුදල් අමාත්‍යංශය බහුජාතික සමාගමක් පිනවීමට, ඇඳුම් සුවඳ කරන ධනවතුන් සදහා වන Fabric Softener නිෂ්පාදනය වැට් බද්දෙන් නිදහස් කලේ මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ හෝ අධ්‍යක්ෂක ජනරාල්ගේ සාක්කු බහු ජාතික සමාගම පුරවන නිසාද?

 

Chapter 38

දුප්පතුන් භාවිතා කරන සියලු භාණ්ඩ සදහා 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පොහොසතුන්ට විශේෂිතවූ Fabric Softener නිෂ්පාදනයට 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වූ 15% ක වැට් බද්ද හොර රහසේම පෙබරවාරි මාසයේදී  ඉවත් කර අති විශේෂ සහනයක් ලබා දී ඇත.  මුදල් අමාත්‍යාංශයේ පහළ නිලධාරීන්ගේ ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි මෙය මහා දූෂණයක්  වන්නේ වැට් බද්ද පෙබරවාරි මස සිට ඉවත් කරන බව කල්තියාම බහුජාතික සමාගම දැනුවත් කර ජනවාරි මස ඔවුන්ගේ ආනයනය නවතා, නැවත බදු ඉවත් කළ පසු පෙබරවාරි මස සිට එම සමාගම නැවත ආනයනය පටන් ගැනීමයි. මෙසේ කොමිස් කාක්කන් සමග එක්වී රටට ලැබෙන්නට තිබූ විශාල බදු ආදායමක් අහිමි කරමින් බහු ජාතික සමාගම් සතුටු කර පස්ස දොරෙන් කොමිස් ලබා ගන්නේ ඉහත දෙදෙනාගෙන් කවුද? ජනතාව තලා පෙලා දරාගැනීමට නොහැකි බදු බරක් පටවා, සුඛෝපභෝගී භාණ්ඩ වලට වැට් බදු සහන සලසා දෙන මෙවැනි රාජ්‍ය නිලධාරීන් ජනතාවට පමණක් නොව රටටම සාපයකි.

 

තම සාක්කුවට වැටෙන කොමිස් කුට්ටිය සඳහා මෙවැනි බදු සහන  දීමේ ක්‍රමවේද වලට හොඳ හොඳ නූල් සූත්තර දන්නා එක ආයතනයක ප්‍රධානියෙකු  මුදල් ලේකම්වරයාගේ  සහාය ඇතිව  ඉතා සූක්ෂම ලෙස තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පෙනේ.

 

ධනවත් පැලැන්තිය භාවිතා කරන මෙම රෙදි සුවඳ ගැන්වීමේ හා සිනිඳු කිරීමේ Fabric Softener නිෂ්පාදනය සදහා 2023 පෙබරවාරි මස සිට වැට් බදු අයින් කර එයින් නොනැවතුණු මෙම කොමිස් කාක්කා 10%ක්ව පැවති සෙස් බද්ද ද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. දුප්පත් ජනතාව හූරා කමින් බදු පිට බදු ගසන අතර මෙම බහුජාතික සමාගම සතුටු කරමින් පෙබරවාරි මස දී පමණක් මොවුන් විසින්  රටට අහිමි කල බදු ආදායම මිලියන 15ක් ඉක්මවන වන අතර එලෙස මෙම නිෂ්පාදනයෙන් පමණක් වසරකට රටට අහිමි කරන බදු ආදායම මිලියන 200 පමණ වේ. මෙවැනි කොමිස් කාක්කන්ට කවුරු මුදල් ඇමති වුවත් කරනම් ගසා ගසමින් රැදී ඉන්නට හැකිවී ඇත්තේ බහු ජාතික සමාගම් වල ඕනෑ එපාකම් ඉටු කරන නිසාද?

බලධාරීන් මෙවැනි නිලධාරීන්ගේ අලගිය මුලගිය තැන්,  රටට පාඩු සිදු කරමින් කරන නොමනා ක්‍රියා වලින් උපයාගෙන ඇති දේශීය හා විදේශීය වත්කම් සොයා බලා මොවුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

නවතම ලිපි