SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති කාර්යාලය සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර ගනිමින් පවත්වන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව ඊයේ දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ.

ඊයේ දින එම නිව්දනය නිකුත් වීමත් සමඟ සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව විසින් මේ පිළිබඳව ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකරන ලදී.

එහිදී ඔවුන් පවසා සිටියේ රජය මගින් පවත්වන මෙම “වසත් සිරිය 2023” අවුරුදු උත්සවය පවත්වනු ලබන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ඇති ලක්ෂ 816ක මුදලක් අත්තනෝමතික ලෙස යොදාගනිමින් බවයි.

ඒ අනුව එම මුදල අවභාවිතාවට විරුද්ධව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව එම උත්සවය වර්ජනය කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇති අතර සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ මහතා සඳහන් කර සිටියේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් කළමනාකරුවන්ට බලපෑම් කර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

“සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් යම් යම් බලපෑම් කරමින් කළමණාකරුවන් බිය වද්දමින් තමන්ගේ ලක්ෂ 816ක් වියදම් කිරීමේ වැඩසටහන කලින් ක්‍රියාත්මක කරන තත්ත්වයකට පත්කරලා තියෙනවා. සමෘද්ධි කළමණාකරුවන් ඔය බියගුලු වැඩවලට බයවෙන්නේ නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයින් යොදාගෙන කළමණාකරුවන් බිය වැද්දීම්, මාරුකරන බවට තර්ජනය කිරීම් කරමින් ලක්ෂ 816ක් වියදම් කරමින් මේ කරන්න හදන ක්‍රියාවලිය බොරුවෙන් ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒක මිත්‍යාවක් කියන එක අපි සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන් අවධාරණය කරනවා. ඒ වගේම සමෘද්ධි කළමණාකරුවන් එක හඬින් අප්‍රේල් 22ක අවුරුදු උත්සව වර්ජන ක්‍රියාවලියේ ඉන්නවා. ඒකට අදාළ කිසිදු වියදමක් සහතික කරන්නේ නැහැ.”

@ Newspedia

නවතම ලිපි