SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා ස්පාර්ටකස් සාමූහිකය හා ධනනාත් ප්‍රනාන්දු සමග  පැවති සංවාදයේදී අප වෙතින් අයෙකු විමසා සිටියේ රිලවුන් අපනයනය පිළිබඳව අපගේ අදහස කුමක්ද යන්නයි.

එහිදී අප පහතින් දක්වා ඇති චීන උදාහරණය සහිතව පිළිතුරක් ලබා දෙන ලදී. වඩාත් සවිස්තරාත්මකව එය මෙසේය...

 

1958 වසරේදී චීනයේ "මහා ඉදිරි පිම්ම" ආරම්භයේදී, චීන රජය 'කුරුල්ලන් යනු ධනවාදයේ පොදු සතුන්' බව ප්‍රකාශ කළ අතර, ගේ කුරුල්ලෙකු වසරකට ධාන්‍ය රාත්තල් හතරක් පමණ පරිභෝජනය කරන බවට ප්‍රකාශ කොට උන් තුරන් කිරීමේ විශාල ව්‍යාපාරයක් දියත් කළේය. ගේ කුරුල්ලන්ගේ කූඩු විනාශ කර, බිත්තර කඩා, පැටවුන් මරා දමන ලදී. මිලියන සංඛ්‍යාත ජනතාවක් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී, ගේ කුරුල්ලන් වෙහෙසට පත්වීමෙන් මියයාමට සැලැස්වීමේ අරමුණ ඇතිව, ගේ කුරුල්ලන් ඔවුන්ගේ කැදලිවල රැඳී සිටීම වැළැක්වීම සඳහා ඝෝෂාකාරී භාණ්ඩ සහ භාජනවලට පහර දුන්හ. මෙම සමූහ ප්‍රහාරයන් විසින් ගේ කුරුල්ලන්ගේ ගහනය ක්ෂය කර, එය වඳ වී යාමේ ආසන්නයට තල්ලු කරන ලදී.

ගේ කුරුළු 1

කෙසේ වෙතත්, 1960 අප්‍රේල් වන විට, ගේ කුරුල්ලන් වගාවන් වල කෘමීන් විශාල ප්‍රමාණයක් අනුභව කළ බව වටහා ගැනීමට චීන නායකයින්ට බල කෙරුනි. එබැවින්, සංහාරයෙන් පසු කුඹුරු වල සහල් අස්වැන්න වැඩි වනවා වෙනුවට, සහල් අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු විය. ගේ කුරුල්ලන් විනාශ කිරීම පාරිසරික සමතුලිතතාවය අවුල් කළේය. එසේම ස්වභාවික විලෝපිකයන් නොමැතිකම හේතුවෙන් කෘමීන් භෝග විනාශ කරන ලදී. කෙසේ වෙතත්, එම කාලය වන විට, එය වටහා ගන්නා විට හොඳටම ප්‍රමාද වී තිබුණි.

 

කෘමීන් භක්ෂණය සඳහා ගේ කුරුල්ලන් නොමැතිව, පළඟැටි ගහනය, රට පුරා පැතිරී තිබූ අතර, ඒ සඳහා පුළුල් ලෙස වන විනාශ සිදු කිරීම සහ විෂ සහ පළිබෝධනාශක අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළුව "මහා ඉදිරි පිම්ම" නිසා ඒ වනවිටත් ඇති වී ඇති පාරිසරික ගැටලු උග්‍ර වෙමින් තිබුණි. මිලියන 45 ක ජනතාවක් සාගින්නෙන් මිය ගිය මහා චීන සාගතය ඇති වන්නේ ඒ අනුවය.

 

ඒ තත්වය උග්‍ර වීම තුලින් පෙන්නුම් කරනුයේ පාරිසරික අසමතුලිතතාවය ක්‍රියාත්මක වන ආකාරයයි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ නිසි විද්‍යාත්මක දැනුමකින් සිදු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැතැයි යන්නයි. මේ වනවිටත් විද්‍යාත්මක දැනුමේ ප්‍රවේශය විසින් අවුල් වී ඇති සතුන් පිළිබඳව තත්වයන් (උදාහරණයකට ලංකාවේ අලි, ඌරන්, රිලවුන්, මොනරුන් පිළිබඳව ප්‍රශ්නය) වෙත නැවත නැවත සිදු කරන විද්‍යාත්මක ප්‍රවේශයන්ගේ ප්‍රථිපල ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ගේ කුරුල්ලන් ගහනය නැවත පිරවීම සඳහා චීන රජය අවසානයේ සෝවියට් සංගමයෙන් ගේ කුරුල්ලන් 250,000 ක් ආනයනය කිරීමට යොමු විය.

 

දැන් රනිල් විසින් ලංකාවේ "මහා පිම්ම" ආරම්භ කොට ඇති අතර වන සතුන් යනු සමාජවාදයේ පොදු සතුන් ලෙස සලකමින් ධනවාදයට අදාළ පිම්ම පැනීමට සූදානම් වේ. එහි එක් පියවරක් ලෙස රිලවුන් චීනයට අපනයනය කිරීමට සූදානම් වේ...‍

 

රිළව් 1

 

ඔවුන් පවසනුයේ පොල් අස්වැන්න රිලවුන් විසින් කාබාසිනියා කරන බවය. සත්තකින්ම පොල් වතු කැබලිකොට විකුණා දැමීම තුල පොල් වගාවෙන් කෙතරම් ප්‍රමාණයක් විනාශ උනිද යන්න පිළිබඳව මේ කිසිවෙකුත් අවධානය යොමු නොකරයි. එසේම "වැලිගම කොළ මැලවීමේ රෝගය" ඇතුළු පොල් රෝග ගණනාවක් මෑතකදී පැතිරීම හේතුවෙන් විශාල වශයෙන් පොල් ගස් කපා දැමුනේ ඒ සඳහා පනතක් ද සම්මතකොට ගනිමිනි. එහෙත් රෝග නිරාවරණය නොවී ඇති අතර 8 වතාවක් ගස් කැපීමෙන් පසු නැවතත් වටයකින් ගස් කැපීම ආරම්භ වී ඇත.

 

ලංකාවේ රිලවුන් විසින් වගාවන් විනාශ කරනුයේ ඔවුන් සාම්ප්‍රදායිකව වාසය කල කැලෑ විනාශ වීම, මිනිසුන් විසින් කැලෑ ප්‍රදේශ ආක්‍රමණය කිරීම, දේශගුණ තත්වයන් වෙනස්වීම තුල කැලෑ තුල ආහාර හිඟය වැනි තත්වයන් හේතුවෙනි. රිලවුන් අපනයනය කරන්නේ නම් ඉදිරියේදී අලි ඇතුන් වැනි සතුන් ද අපනයනය කිරීමට සිදු වනු ඇත.

 

@spartacus lipi

නවතම ලිපි