SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ට තවත් දේශපාලනික අසාධාරණයක්  සිදු කර ඇතැයි සජබ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ, සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඔහුව ඉවත්කර එම තනතුර චමින් විජේසිරි මන්ත්‍රීවරයා වෙත ලබාදීම නිසාය.

මුජිබර් රහුමාන් පසුගියදා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළේ නොපැවැත්වෙන පළාත් පාලන ඡන්දයක් වෙනුවෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම වෙනුවෙනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතතාවක්  පැවතුනු ඒ මොහො‌තේ මුජිබර් ට  නගරාධිපති අපේක්ෂක ලෙස තරග කිරීම සඳහා තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට දෙගිඩියාවෙන් පසුවද්දී , එය කිරීමට සිදු වූයේ සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ බලවත් ඉල්ලීම මතයැයි සඳහන් විය.

කෙසේ වුවද පක්ෂය වෙනුවෙන් තමා දිනාගත් පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කරගනිමින් පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම නිසා සියල්ල අහිමිව සිටි මුජිබර් රහ්මාන්ට ඔහු පක්ෂය තුළ දැරූ සජබ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ධූරයද අහිමි කරවීම පිටුපස සිටින්නේ කවුද යන්න පිළිබඳව සජබ පාක්ෂිකයින් විවිධ මත පලකර ඇත.

කෙසේ වුවද මෙම තීරණය මත මුජිබර් රහ්මාන් තම අනාගත දේශපාලන ගමන් මග පිළිබඳව දෙවරක් හිතන්නට පෙළැඹෙනු ඇති බව එකී ආරංචිමාර්ග වැඩි දුරටත් පෙන්වා දී ඇත.

 

නවතම ලිපි