SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජබේ ඇතුලේ මතගැටුම් වල ඉවරයක් නෑ. ඊයේ, ඒ කියන්නේ  දහවෙනිදා  රෑ 9ට විතර  සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ  විශේෂ Zoom සාකච්ඡාවක් පටන් අරන් තිබුනා.

සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ සාකච්ඡාව තිබිලා තියෙන්නේ .. ඒ රැස්වීම කැඳවුනේ  රාජිත සේනාරත්න පක්ෂයෙන් නෙරපන්න කියල තිබුනට මොකද රාජිත ගැන වචනයක්වත් කතාවෙලා නැහැ.

කොහොම වුනත් පක්ෂයේ  විනය කඩකරන ඕනෑම කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න නායකතුමාට බලය තියනවා කියලා, පක්ෂ  මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර නම් කියලා. ඒ වෙලාවේ  '' ඔව් මට පුළුවන්" කියල සජිතුත් ඔලුව වැනුවලු.

 

ඔන්න ඉතින්  අද, සජබ පක්ෂයේ විනය කමිටුව රැස්කරන්න ලු යන්නේ. එතනදීවත් හරි හමන් තීරණයක් නොගත්තොත් බලාගමු කියල මරික්කාරුයි, මුජිබරුයි  පොඩි තගකුත් දාලා ලු.

හැබැයි සජබේ හුඟ දෙනෙක් කියන්නේ අදත් මොකුත් වෙන එකක් නෑ කියලයි. ඒ සමහරු මරියට බනින්නේ කැපිලා පෙනිලා ලකුණු දාගන්න බොරුවට රඟනවා කියලලු.

ඒ කතා මොනවා වුනත්  දැන් පේන  විදියට රාජිතව නවත්තන්න ඔය කාටවත් බෑ වගේ. 

සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ  පිහිටුවන්න යන  නියමිත නව කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු තිදෙනකු එකතුවෙනවා කියලා  වජිර කියනවා ලු. ඒ විතරක් නෙමෙයි, ඔය කැබිනට් සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරයෙකුටත්  අමාත්‍ය ධුර හිමිවීමට නියමිතයි ලු.

කොහොම  වෙතත් ඇමැති ධුරයක් ලබා දෙන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිළිබඳව නම්  මෙතෙක් අවසන් එකඟතාවකට ඇවිත් නෑ  කියලයි කියන්නේ.  හැබැයි කළුතර රාජිතට බලවත්  ඇමතිකමක් දුන්නොත් පොහොට්ටුවේ කළුතර දිස්ත්‍රීක් නායක රෝහිතටත් ඒ වගේම ඇමතිකමක් දෙන්න කියලා  බැසිල් ගේ පැත්තෙන් ලොකු බලපෑමක් ඇවිත් තිනවා ලු. ආරංචියේ හැටියට රෝහිත වරාය ඉල්ලනවා ලු.

ඔන්න ඒ අස්සේ, ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග වජිරලා තවදුරටත් සාකච්ඡා කරමින් ඉන්නවා කියලත් කනින් කොනින් වාර්තා වෙනවා. ඒ කියන්නේ අලුත් අවුරුද්දට පස්සේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ.

 

@LEADER TV GOSSIP

නවතම ලිපි