SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 “රනිල්ගේ ගුණ වයන්නන් ගැන සජිත් තීන්දුවක් නොගත්තොත් අපි ගන්නම් තීරණයක්! රනිල් ගේ ගුණ වයන අය පක්ෂය පිටින් ගෙනියන්න හදන්න එපා.”

“අපි රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කළේ මේ රටේ දුප්පත්ම මනුස්සයින් ගැන අබමල් රේණුවක හැඟීමක් දැනීමක් ඔහුට නැති නිසයි.

 

අපි නායකතුමාට කියන්නේ මේ පක්ෂය ඇතුළෙ ඉඳගෙන රනිල්ගෙ ගුණ වර්ණනා කරන, රනිල් ගාවට යන්න ඔින අයව එළවන්න ඔින, ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඔින,

එහෙම තීන්දුවක් ගත්තෙ නැත්නම් අපිටත් සිද්ධවෙනවා ඒ පිළිබඳව තීරණාත්මකව කල්පනා කරල බලන්න”  

  

 

විනය විරෝධී කටයුතුවල නියැලෙන සියළු දෙනාම විනය කමිටුව හමුවට  ගෙනෙනවා - විපක්ෂ නායක  

 

සමගි ජන බලවේගය කුණු ගොඩවල් සමග එකතු වන්නේ නැති බවත්, සජබය විශ්වාස කරන්නේ අළුත් ජන වරමක් බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

 

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එකතු වන්නට යන බව පවසමින් පසුගිය දිනවල ප්‍රචාරය වුනු ප්‍රවෘත්ති පිළිබඳ පිළිතුරු දෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බොරුවෙන්, මුසාවෙන් ජනතාවගේ හිත් වෙනස් කරන්නට  මුලා කරන්නට බොරු ප්‍රවෘත්ති මවන බවත්, සමගි ජන බලවේගය කිසිම විටෙක ආණ්ඩුවට එක්නොවන බවත් ජනතාව ලබාදුන් ජනවරමෙන් පැමිණි සජබය කිසිදු විටෙක ලක්ෂ  දෙදාහකට විකිණෙන්නේ නැති බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙතැන් සිට පක්ෂයට බාල්දු  කරවන, පක්ෂය දියාරු කරවන විනය විරෝධී කටයුතුවල නියැලෙන සියළු දෙනාම විනය විරෝධී කමිටුව හමුවට ගෙනෙන බවත්, පක්ෂයේ අභ්‍යන්තර විනය ශක්තිමත් කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

 

 

සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වීමට සිටින බව කියන පිරිස් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ කතා පළවෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පැවති සමඟි ජන බලවේගය මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අදහස් පළකළේය.

සමඟි ජන බලවේගයේ කිසිවෙකුට හෝ ඇමති හිඟමනේ යාමට අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පොල්කට්ටකුත් ගෙන ගොස් ඉඳගෙන සිටියා නම් හොඳ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

සමඟි ජනබලවේගය ලෙස ආණ්ඩුවේ වාඩිවන්නේ ජනතාව ඊට බලය දීමෙන් පසුව වන බවත් ඉදිරියේදී ආණ්ඩුවක් කරන්නේ නම් ආර්ථික,පරිපාලන සහ දේශපාලන විප්ලවයක් සමඟින් බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

 

 

නවතම ලිපි