SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දුකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන් ගැන තව දුරටත් සාකච්චා කරමින් සිටින අතර තුර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය වෙත කියා සිටියේ පක්‍ෂය නොතකා කටයුතු කරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවය.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජිත සේනාරත්න ඇමතිකමක් දුනහොත් එය ලබාගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් බව ප‍්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටීමයි.

එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ද රාජිත සේනාරත්න මහතා සමඟ ආණ්ඩුවට එක්වීමට ඔහු විසින් ආරාධනා කරන ලද බවයි.

මේ වන විටත් එම පක්ෂයේ බොහෝ සංවිධායකවරුන් විසින් සංවිධානය කරන ජනහමු රැස්වීම් ආදිය සඳහා රාජිත සේනාරත්න වෙත ආරාධනා නො කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අතර රනිල් සමග එක්වීමට සූදානම් වන රාජිත සේනාරත්න සමග සජබයේ බොහෝ පිරිසක් එකඟව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග හෙළිකරමින් ඇත. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේ සජිත් ප්‍රේමදාස හැම ක්‍රියාවකටම විරුද්ධවෙමින් විපක්ෂ නායකයා ලෙස නොව විරුද්ධ නායකයා වශයෙන් අදේශපාලනිකව කටයුතු කරන බව පෙන්වා දෙන මෙම පිරිස තම ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් රාජිත සමග ගොස් රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සූදානම් බවයි එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

 

සෞඛ්‍ය ඇමති ‌කෙහෙලියද? රාජිත ද? 

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න වෙත සෞඛ්‍ය අමාත්‍යධූරය ලබා නොදීමට කෙහෙලිය රඹුක්වැල්ල වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු ඉඩක් ලබානොදෙන්නේ ඔහු පොහොට්ටු නායක  බැසිල් රාජපක්ෂ ගේ ප්‍රබල හිතවතෙකු නිසා බවද දේශපාලන ආරන්චි මාර්ග හෙළකර ඇත.

නොඑසේනම් වර්තමානයේ ‌සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්ව ඇති අර්බූධකාරි තත්වය මෙන්ම ආන්දෝලනාත්මක ඖෂධ මිළදී ගැනීම් සම්බන්ධ ක්‍රියාවලීන් සම්බන්ධයෙන්ද අධිකරණ ක්‍රියාවලියකට ගොස් ඇති තත්වයකත් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සෞඛ්‍ය විෂය බාරව සිටීම එම හිතවත්කමේ ශක්තිය පෙන්නුම් කරන බවයි බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

 

කෙසේ වුවත් ඉදිරියේදී සමගි ජන බලවේගයේ බහුතර පිරිසක් තම පිය පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හා එක්වීම අනිවාර්යයක් බවත් මේ මොහොතේ ශක්තිමත් ලෙස පක්ෂය ගොඩනැගෙනු ඇත්තේ රනිල් ප්‍රමුඛ යූඇන්පීය තුළ බව එම විශ්ලේෂකයන් තව දුරටත් පෙන්වා දී ඇත.

නවතම ලිපි