SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට ගොඩනැගීමට ආණ්ඩුවට එක් වන්නැයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන්නේ නම්

ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

පක්‍ෂයම ආණ්ඩුවට සහාය දිය යුතුයි.. නැත්නම් කණ්ඩායමක් ලෙස එක්වෙනවා..

පක්‍ෂය විසින් එම ඉල්ලීමද නොතකන්නේ නම් එහිදී කණ්ඩායමක් ලෙස තීන්දුවක් ගැනීමට හැකියාව ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂය විසින් ජනාධිපති වරයාගේ ඉල්ලීම පිළිගැනීමට සූදානම් නැතිනම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට කණ්ඩායමක් ලෙස සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

කෙසේ වුවද රාජිත අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි‌  පසුගිය වසරේ මේ කාලය වනවිට පැවැති බොහෝ පෝලිම් තත්වයන් නැතිව ගියද මිනිසුන්ගේ එදිනෙදා ජීවන ගැටළුවලට සහනයක් තවමත් ලැබී නැති බවයි මේ සම්බන්ධව අදහස් දක්වන්නන් කියාසිටින්නේ.

 

WhatsApp Image 2023 04 06 at 18.15.351

විශේෂයෙන්ම ආහාර තරමටම අද රටවැසියාට ඖෂධ ද අනීවාර්ය සාධකයක්ව පවතින බවත් එහෙත් බෙහෙත් හිගය මෙන්ම ඒවායෙහි අසීමිත මිළගණන් පිළිබඳව වර්තමාන ආණ්ඩුව නෑසූකන්ව සිටින බවත්, ඒ අතරේ බෙහෙත් හිගයට මුවාවී ඒ අර්බූධයෙන් ප්‍රසම්පාදන ක්‍රම නොතකා කොමිස් මුදල්  ඉපයීමට විෂය  භාර  ගත්තවුන් ක්‍රියාකරන බවත් ජනතාවට මේ වනවිට නොරහසකි.

කෙසේ වුවත් 2015 යහපාලන ආණ්ඩුවේ කුමන අඩුපාඩුකම් තිබුණද විශේෂයෙන් මිළ අධික ඖෂධ නියම වන  පිලිකා රෝගයට මෙන්ම බෝ නොවෙන බරපතල රෝග සම්බන්ධව ඖෂධ මිළ ඉතා අඩුව පැවති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩා හොඳින් පවත්වාගෙන ගිය බවත් පිලිගත හැකි කරුණකි. එහෙත් අද වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය විගඩමක් බවට පත්ව ඇති අතර ප්‍රවාහන ක්ෂේත්‍රය රගපෑමක් පමණක් බවට පත්ව ඇත.

එවන් මොහොතක රාජපක්ෂ රෙජීමයේ බලයෙන් ගැලවී ගන්නා ජනාධිපති වික්‍රමසිංහගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගයන් කෙබඳු වේද යන්න නුදුරේදීම  දැකගත හැකිවනු ඇත.

නවතම ලිපි