SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙම තනතුර ලැබුණොත් බාර ගන්නේ මුදල් මතදැයි කල විමසීමට ඔහු කියා සිටියේ එසේ මුදල් ලැබීමක් නිසා නොව තමන් දේශපාලන හේතු මත තීරණ ගන්න ගැනීමට සූදානම් බවය.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වනවිට අන් කවරදාටත් වඩා අර්බූධයට ලක්ව ඇති අතර ඖෂධ හිගය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර දමා යෑමේ අවදානමකටද වර්තමානයේ ලක් ව  ඇත. මේ වන විට විවිධ පළාත්වල ශික්ෂන රෝහල්වල සමහර වෛද්‍ය ඒකක මෙම අර්බූධය හේතුවෙන් වසා දමා ඇති අතර ඒ සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇත.

 

health 2

health1

  වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාගේ සෞඛ්‍ය සේවා ප්‍රගතිය

 

සෞඛ්‍ය සේවය යථාවත් කිරීමේ වැඩපිළිවෙලක් සහිතව තම අත්දැකීම් යොදා ගනිමින් අර්බූධයට පිළියම් යෙදීමට රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් වන බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

 

මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ, මුදල් වලට මෙන්ම දේශපාලන හේතූන් මතද පිල්මාරු කරන අය දේශපාලනයේ යෙදී සිටින බවත් තම අභිලාෂය මේ අර්බූධකාරී අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යථාවත් කිරීමට තමා ලබා ඇති අත්දැකීම් උපයෝගී කරගත හැකි බවයි.

උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 

health 3

පුවත් උපුටාගැනීම - lanka C news

ඡායාරූප - Daham Keerthi fb

නවතම ලිපි