SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප්‍රේල් 04 වැනිදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි ගණනකගේ  පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වන බවට පසුගිය සති කිහිපය පුරාම මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

හිටපු ඇමති රාජිත සේනාරත්න මේ පිළිබඳව අද මාධ්‍ය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමකදී පිළිතුරු දුන්නේ මෙම කතාව දැනට මාස කිහිපයක් පුරා පවතින්නක් බවත්, රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල හා සජබයේ වැඩ පිළිවෙල අතර වෙනසක් නොවන බවත් ය. එසේම වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ ඉතා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් රනිල් කරන හැම දෙයකටම විපක්ෂයේ සිටියත් විරුද්ධ විය නොහැකි බවත් ය.

රාජිත සේනාරත්න යනු ලංකාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට පිළිගත හැකි වැඩ කොටසක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් පවා පිලිගන්නා කාරණයකි.

 

මේ වනවිට රටේ සෞඛ්‍ය කේෂත්‍රය බලවත් අර්බූධයකට ලක්ව ඇති අතර දැඩි ඖෂධ හිගය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයද රෝහල් වලට බොහෝ සේ බලපා ඇත. පසුගියදා අනුරාධපුරය ශික්ෂන රෝහලේ මහාචාර්ය ළමා රෝග ඒකකයද වසා දමා ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙනි. එමෙන්ම පසුගිය කාලය පුරාම අපේක්ෂා රෝහලේ පිලිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිගය ගැන බොහෝ වාර්තා පළවූ අතර එම ගැටළු විසඳිය යුතු ආකාරය ගැන පවා සෞඛ්‍ය බලධාරීන්ට සහ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට වගේ වගක් නැති බවට චෝදනා එල්ලවෙමින් ඇත.

 

කෙසේ වුවත් සිංහල හා දෙමළ අළුත් අවුරුද්දට පෙර පැවැත්වෙන අවසාන පාර්ලිමේන්තු දිනය හෙට වන අතර මෙදින විපක්ෂයෙන් දේශපාලන පිල්මාරුවක් සිදුවන බවට අනාවැකි පළවෙමින් තිබේ. මෙහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසන්නේ මෙලෙස පිල්මාරුවකට එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 2000ක් ලබාදීමට රනිල් පිල විසින් කටයුතු යොදා ඇති බවයි. එහිදී  මුදලට මන්ත්‍රීවරුන් ගන්නවා යැයි විපක්ෂ නායකවරයා නගන චෝදනාව අසත්‍යයක් බව නවීන් දිසානායක විසින් අද මාධ්‍ය හමුවකදී පවසා ඇත.

එසේම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය තවමත් හිමිව ඇත්තේ පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩුවට වී ඇති තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ විසින් මේ ආකාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මිළදී ගන්නේ ඔහු විසින් පොහොට්ටුවේ කොටසක්ද සමග විපක්ෂයේ සිටින තම පැරණි පක්ෂ සාමාජිකයින් එක් කරගනිමින් යූඇන්පී ආණ්ඩුවක් බිහිකිරීමට බවයි යූඇන්පී ආරංචිමාර්ග හරහා වාර්තා වන්නේ.

නවතම ලිපි