SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සියළුම වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තීරණය කර ඇත.

රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනයන්හි මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරීන් අනිවාර්යයෙන්ම වත්කම් සහ බැරකම් ප්‍රකාශන සෑම වර්වර්ෂයකදීම ඉදිරිපත් කළ යුතු අතර, 1975 වත්කම් බැරකම් පනත අනුව සියළුම වෘත්තීය සමිති නායකයින්ටද මෙම ප්‍රකාශ ලබාදීම කළ යුතු බව සඳහන් කර තිබූවද මේ තාක් එය සිදුකර නොමැත.

ඒ අනුව වර්තමාන ආණ්ඩුව විසින්  ඉහත පනත ප්‍රකාරව කඩිනමින් මෙම වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම අනිවාර්යය කර ඇත.

 

වර්තමානයේ ආණ්ඩුව ගෙනයන බදු ප්‍රතිපත්තිය  ඇතුළු ජීවන වියදම් ඉහළ දැමීමට එරෙහිව රාජ්‍ය සහ අර්ථ රාජ්‍ය ආයතනයන්හි සේවකයින් උද්ඝෝෂනයන් සඳහා යොමු කිරීමට වෘත්තීය සමිති නොකඩවා අරගල ක්‍රියාමාර්ගයකට අවතීර්ණව ඇති අතර ඒ සඳහා රජය විවිධ ක්‍රියා අනුගමනය කර මෙම වෘත්තීය සමිති අඩපන කිරීමට කටයුතු යොදන බවයි එම නායකයින් පවසන්නේ.

 

එහෙත් රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයට එරෙහි වීමට ඔවුන්ට මේ මොහොතේ නොහැකි වනු ඇත. මන්ද සාමාන්‍ය සමාජයේ වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් පිළිබඳව මෙන්ම ඔවුන් ගේ විවිධ ඩීල් සම්බන්ධයෙන්ද පසුගිය කාලය පුරා වරින්වර සැක සාංකා මතුවීම නිසා මෙම පියවර බහුතරයක් සේවකයින්ද අනුමත කරනු ඇත.

 

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම විධායක ජනාධිපති ධූරයේ බලතල අන් කවරදාක ජනාධිපතිවරයෙක්ටත් වඩා හොඳින් අභ්‍යාස කරන බවයි විචාරක මතය වී ඇත්තේ.

ඒ අනුව වෘත්තීය සමිති නායකයින් සම්බන්ධව කම්කරු අමාත්‍යාංශය විසින් අදාළ පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම ආරංචිමාර්ග දන්වා සිටී.

 

නවතම ලිපි