SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව වසා දමා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ළමා රෝගීන් සඳහා වෙන් කර තිබූ හැට තුන් වන වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනා රට අතහැර විදේශගත වීම නිසා මෙසේ එම වාට්ටුව වසා හේතුවෙන් අනුරාධපුර මහජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් මේ හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග සිසුන් හට පුහුණු වීමට නොහැකිව බරපතළ ගැටලුවක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.

 

Anuradhapura hospital

 

රජයේ බදු ප්‍රතිපත්තියේ උපයන විට බද්ද ප්‍රකාශයට පත්වීමත් සමග විශේෂඥ වෛද්‍යවරුන් විදේශ ගත වීම ආරම්භ වූ අතර ඒ හේතුවෙන් මේ රටේ ප්‍රධාන රෝහලක වාට්ටුවක් වසා දැමීමට සිදු වනවා නම් එය නුදුරේදීම ග්‍රාමීය රෝහල් දක්වා ව්‍යාප්ත වී එම රෝහල් සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමකට ලක්විය හැකි බවත්, එහි මුල් අඩිතාලම මෙය විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙති.

 

මේ සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් මෙසේ කීය. 

නවතම ලිපි