SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතලිස් දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න සඳහන් කරයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට මාර්ග වලින් මෙම මන්ත්‍රී කණ්ඩායම විසින් එකඟතාවය ලබා දී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පිරිසෙන් ඇතැමුන් ජනාධිපතිවරයා සමග එක්වන බවට තමන්ටද පෞද්ගලිකව පැවසූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඉතාම කෙටි කලකින් මෙම මන්ත්‍රී පිරිස ආණ්ඩුවට එක් වෙනු ඇති බව ද හෙතෙම කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

RAJITHA RANIL

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනෙන් දින කැබිනට් සංශෝධනය කල් දමන්නේ මෙම පිරිස එකවර යූඇන්පීයට එකතුවන තෙක් බවත් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට යෝජිත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ලබාදී ඇති පණිවුඩය වන්නේ සජබෙන් එකවර පිරිසක් එක්කරගත යුතුය යන්න බවත් පසුගිය කාලය තුළ හෙළිදරව් වූ පුවතකි. ඒ අනුව මෙම පිරිස සජබයෙන් වෙන්ව පැමිණීමත් සමග කැබිනට් සංශෝධනය සිදුකිරීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බවට ආරංචිමාර්ග පවසයි.

 

බැසිල් විමසිල්ලෙන්!

 

බැ සි ලා

 

කෙසේ වුවද පොහොට්ටු පක්ෂය පාර්ශ්වයෙන්ද පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථිකය නගා සිටුවීමට කරන මැදිහත්වීම ගැන ප්‍රශංසා කරන බවත් තම පක්ෂයේ නායකයින් සිදුකළ සමහර වැඩකටයුතු පිළිබඳව ප්‍රසිද්ධියේම තම අප්‍රසාධය පළකරමින් සිටින බවත් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය පසුගිය මහ මැතිවරණයෙන් අතුගා දැමූ බවට වහසි බස් දෙඩවූ බොහෝ සජබ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමත් සමග මේ වනවිට ඔහුගේ ගුණ වර්ණනා කරමින් සිටින බවට බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඒ අනුව එක් මන්ත්‍රී ආසනයක් පමණක් ජාතික ලැයිස්තුව හරහා ලබාගත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යූඇන්පීය නැවත ජේ ආර් යුගයේ සිටි ශක්තිමත් අලියා නැවත වතාවක් සංවිධානය කරමින් ඉදිරි ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

 

Maalinda blog article

 

කෙසේ වුවද මේ වනවිට සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ යන නායකයින් දෙදෙනාම මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් මෙන්ම තැතිගැන්වීමකට ලක්ව ඇතැයි බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත.

 

 

නවතම ලිපි