SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෘත්තීය සටන්වල තීරකයා වන්නේ අදාළ රැකියාස්ථානය හෝ ආණ්ඩුව නොවන බවත් එහි තීරකයා තමාම සහ තම කුටුම්භය බවත් අපි ඊයේ පැවසුවේ වෘත්තීය සමිති උපවාසය ආරම්භ කරද්දීමය.

තමා තුළම සිටින ධනවාදයට පක්ෂග්‍රාහී මිනිසා පරාජය නොකර වෘත්තීය සටන් කළ විට මෙය හොඳින් දැනුවත් පවත්නා ආණ්ඩු විසින් එයට සුදුසු පියවර ක්ෂනිකව ගනු ලැබීම සාමාන්‍ය සිද්ධියකි.

තම කුටුම්භය තුළ ධනේෂ්වරය සහ වෙළඳපොල ශක්තිමත් කරන සියළුම කොන්දේසි ආරක්ෂා කරමින් වෘත්තීය සටන තුළ ධනේෂ්වර තීන්දු තීරණවලට එරෙහිවී යෑමෙන් එම සටන් කිසිදා ජයගත නොහැකි බව මෙම සටන් ඉතිහාසය තුළ තේරුම් ගතයුතු කරුණකි.

 

තෙල් සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද්දේ තෙල් සංස්ථා බේරාගැනීම සඳහා බව පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ  සභාපති බන්දුල සමන් කුමාර ඊයේ සඳහන් ක‌ළේය.

ඔහු කියන්නේ ජාතියේ හදවත බඳු තෙල් සංස්ථාව රට ජාති වෙනුවෙන් රැක ගැනීමට තමන් ඉදිරියේදීද කටයුතු කරන බවත් අනිවාර්ය නිවාඩු යවා තම සටන කිසිසේත්ම නවතා දැමිය නොහැකි බවත් තෙල් සංස්තාව බේරා ගැනීමේ සටන ඉදිරියටත් ගෙන යන බවත් ය.

රැකියාව බේරාගැනීම වෙනුවෙන්, තෙල් සංස්ථාවේ සේවකයන් අසරණ බවත් එනිසා ඔවුන් තම රාජකාරියට යන බවත් පවසන ඔහු සේවකයන් රාජකාරියට ගිය ද වැඩ නොකරනු ඇති බවද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

@Samaara Paranavithana

නවතම ලිපි