SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරී කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් කටයුතු කළ වෘත්තිය සමිති නියෝජිතයින් සහ ඊට සහය ලබාදුන්

සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තීරණය කර ඇත.

 

රජය සහ වර්ජකයින් අතර ඇතිව තිබෙන මෙම ගැටුම 80 ජූලි වර්ජනය පිළිබඳව සිහිපත් කරන පසුබිමක් ඇති බවයි මධ්‍යස්ත මතධාරීන්ගේ අදහස වී ඇත්තේ. ඉතිහාසයේ මෙන්ම මෙවරද  වර්ජනය ගැන අවසාන තීරණය නිවෙස්වල සාමාජිකයින් මත තීරණය වීමට වැඩි ඉඩකඩක් පවතිනු ඇත.

මන්ද අද වනවිට කුටුම්භයේ මූලිකම ප්‍රශ්නය තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය සැළසුම් කර ඇති පරිදි පවත්වාගෙන යෑමේ අභිලාශය විනා රටේ අනාගතය සම්බන්ධ සැළැස්මක් නොවන නිසා සුපුරුදු පරිදිම රැකියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම වර්ජනයත් පාවාදීමකට ලක්වන බව බොහෝ මතධාරීන්ගේ අදහස වී ඇත.

ඒ අනුව ජේ ආර් ජයවර්ධන පාලන කාලයේ ගනු ලැබූ දේශපාලන තීන්දුවම මෙම වර්ජනයන්හිදීත් ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ගනු ලැබ හැකි අතර ඉදිරියට වර්ජන රැල්ලක් ඇති වීමේදී විය හැකි ප්‍රතිඵලය පිළිබඳව කල් තියා සිහිකැඳවීමක් කිරීමටත් ආණ්ඩුව මේ හරහා කටයුතු කරනු ඇත.



අදාළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින්ට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කළාප වන බවද එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.


ඛනිජ 2


''රාජකාරියට බාධා කළොත් වැඩ වරදි'' - ඇමති කාංචන



ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එම සේවකයන්ගේ රැකියා අවසන් කිරීම සළකා බැලීමට අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථයේ සභාපතිවරයාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

 

ඛනිජ 3

 


ජනතාවට විශේෂ දැනුම් දීමක්



ඉන්ධන හිඟයයක් ඇතිවේයැයි යන්න පිළිබඳව කලබල නොවන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියි.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

ඉන්ධන බෙදා හැරීමේ තොග පර්යන්ත සංකීර්ණයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකන් පිරිසක් එහි රාජකාරියට පැමිණි සේවකයන්ට තම රාජකාරියට ඒමේදී බාධා එල්ල කිරීම හේතුවෙන් ඊයේ (28) පස්වරුවේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් ඇතිවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

කෙසේ වුවද ඉන්ධන බෙදා හැරීම පර්යන්තවල සහ බෙදා හැරීමේ දී අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මගින් කටයුතු කිරීම නිසා එම ක්‍රියාවලිය මේ වන සාමාන්‍යකරණයවී ඇති බව අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර තිබේ.

ඛනිජ 4


තෙල් බෙදා හරින්නන්ගේ සංගමයෙන් සහතිකයක්



මෙරට ඛණිජ තෙල් වෙළඳපොළට ප්‍රවේශ වීමට නියමිත සමාගම් තුන සඳහා ඉන්ධන පිරවුම්හල් ලබාදෙන ක්‍රමවේදය පිළිබඳ මෙම සති අන්තය වන විට පැහැදිලි කරන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පොරොන්දු වූ බව ඛණිජ තෙල් බෙදා හරින්නන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු පැවසුවේ අදාළ ගිවිසුම් අනුව බෙදාහරින්නන්ට හෝ පාරිභෝගිකයන්ට පාඩුවක් සිදු නොවන්නේ නම් තමන් එම ක්‍රියාවලියට විරුද්ධ නොවන බවයි.

 

 

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු දැක්වුයේ මෙලෙසය.



 

මේ අතර ඛණිජ තෙල් වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ඛණිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සූදානමට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී තීරණයක් ගන්නා බව ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් පවසති.

 

පුවත් උපුටාගැනීම - @Theleader.lk 

නවතම ලිපි