SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු නඩු තීන්දුවට අදාළව තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සඳහා හැකි අයුරින් දායක වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ ය.

එම වන්දිය ගෙවීමට ඇත්තේ, තවත් මාස තුනක පමණ කාලයක් බව ද ඔහු කීය.

තමා ලෝකය දිනා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට ගෙන යන විට පාස්කු ප්‍රහාරය එල්ල කළ බව ත් ඉන් තමා නැත්තට නැති වූ බව ත් හිටපු ජනපතිවරයා පැවසීය.

 

“මම බෝම්බ ගැහුවෙත් නෑ. සහරාන් එක්ක සම්බන්ධතා පැවැත්වුවෙත් නැහැ. මම දැන් මේ දවස්වල කෝටි දහය එකතු කරනවා. මගේ හිතවතුන්ගෙන් කීය කීය හරි දෙන්න කියලා. මට හය මාසයක් දීලා තියනවා. ඒකෙන් තුන් මාසයක් ඉවරයි. හය මාසේ ඉවර වුණා ම නීතියේ හැටියට මාව හිරේ දානව ද උසාවියෙන් මොන තීන්දුවක් දෙනව ද කියලා මං දන්නේ නැහැ,”

යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම බල මණ්ඩල රැස්වීමට ඉකුත්දා (මාර්තු 26) එක් වෙමින් ඔහු සඳහන් කළේ ය.

 

තම පාලන සමයේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ගිනි තබා විනාශ කළ බව ද හිටපු ජනපති පැවසීය.

අද වන විට මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්ත ද ඒවාට සිදුවනුයේ කුමක් ද යන්නවත් නොදන්නා බව හෙතෙම කීය.

තමාගේ පාලන සමය තුළ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ගිනි තබා විනාශ කළා මෙන් පසුගිය සමයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ගිනි තබා විනාශ නොකරන්නේ ඇයි ද යන්න හිටපු ජනපති ප්‍රශ්න කළේ ය.

සංවර්ධන ව්‍යාපෘතිවලට යෙදවූ මුදලින් සියයට හතළිහක් පනහක් පමණ 2015 වසරට පෙර සමයේ සොරකම් කළ බවට හිටපු ජනපතිවරයා චෝදනා කළේ ය. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සොරකම් කිරීම නිසා මේ රට බංකොලොත්භාවයට පත් වූ බව ද ඔහු කීය.

@mawbima.lk

නවතම ලිපි