SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ මත්කුඩු ජාවාරම් වලදී සහ පාතාල ක්‍රියාකාරකම්වලදී අත්අඩංගුවට පත්වන සැකකරුවන් හා වැරදිකරුවන්ට අත්වන්නේ බොහෝ සමාන ඉරණමකි. එය මේ වෙද්දි හාස්‍යයට ලක්කර ඇති පිළිතුරකි.

එනම් අත් අඩංගුවේ රැඳී සිටින කාලය අතරතුර ආයුධ ඇති තැන් පෙන්වීමට යැයි කියා ඉවතට රැගෙන යන සැකකරු පළායෑමට තැත් කිරීමේ ජවනිකාවයි. එම ජවනිකාව සෑම පිටපතකම එක හා සමානවන්නේ එසේ පළායන සැකකරුට පොලීසිය විසින් වෙඩි තැබීමත් එක්කෝ සැකකරු අසල සිටි පොලිස් නිළධාරියේ ගිනි අවිය උදුරා එකී පොලිස් නිළධාරියාට වෙඩි තැබීමත් සමග පොලීසියේ සෙසු අය විසින් ඔහුට වෙඩි තැබීමත් වැනි දර්ශන තුළිනි. අවසානයේ ඒ පිටපත අනුව  අසල සිටින පොලිස් කොස්තාපල්වරයෙකු හෝ නිළධාරියෙක්ගේද ජීවිතය ද උදුරාගනු ලබයි.

මෙය දිගින් දිගටම  දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රශ්න කෙරෙන කාරණයක් වුවද අදාළ පාර්ශ්වයන් එය තඹේකට මායිම් නොකරන්නේය. එවන් වටපිටාවක යම් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් සැනින් බහුතර සමාජය ඔහුට අත්වන  ඉරණම හොඳින්ම දන්නේය. මෙමගින් සිදුවන්නේ අදාළ සැකකරු හරහා මත්ද්‍රව්‍ය ලෝකයේ ජාවාරම් හෙළි කරගැනීමට ඇති අවස්ථාවන් මග හැරෙන අතර එම ජාලයන් වඩ වඩාත් ශක්තිමත් වීමයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෑතදී අත් අඩංගුවට ගත් කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු වෙනුවෙන් නීතිඥ සහාය දීමට පෙනී සිටීම නිසා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතා දක්වන්නේ කිනම් බලවේගයක් අනුවද යන්න Voice Tube නාලිකාවේ ඊයේ (24) පවත්වන ලද  සම්මුඛ සාකච්ඡාව හරහා දැනගත හැකි වනු ඇත.

 

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ,  ''මා පෙනී හිටියේ මේ රටේ ඕනෑම මනුස්සයෙකුට හිමි ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්.'' කියාය.


පසුගිය දිනක යූටියුබ් නාලිකාවක් චෝදනා කල පරිදි තමන් කිසි දිනක අති විශාල ගාස්තු තම සේවාදායකයන් වෙතින් ලබා නොගන්නා බව සඳහන් කල ජනාධිපති නීතීඥවරයා, ''හරක් කටා'' වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දැමීම වැළැක්වීමට මිස අන් යමකට නොවන බව ද  සඳහන් කළේය.

 

තමන් නාලන්ද එල්ලාවල මිනීමැරුම් නඩුවේ සැකකරුවන්ට මෙන්ම චෙම්මිනී සමූහ මිනීමැරුම් නඩුවේ හමුදා සැකකරුවන්ට ජීවිත තර්ජන හා බලපෑම් හමුවේ පෙනී සිටි අතීතය සිහිපත් කල සාලිය පීරිස්, තමන් වර්තමානයේ එල්ලවන බලපෑම්ද තමන්ගේ කටයුතු සදහා බාධාවක් කර නොගන්නා බව අවධාරණය කලේය.

විශේෂයෙන්ම අත් අඩංගුවේ සිටින සැකකරුවන් මරා දැමීමෙන් විමර්ශන අඩපනවනවා පමණක් නොව, එකී ජාලයන් පිටුපස සිටින බලවත් පුද්ගලයන්ද ආරක්ෂා වන බව ඔහු සඳහන් කලේය.

 

සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

නවතම ලිපි