SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා  ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි.

ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “දේශපාලනික වෙනස්කම් පසෙක ලා ජනාධිපති වික්‍රමසිංහගේ උත්සහය අගය කරන" බව ය.

 

xljgs

පසුව පාර්ලිමේන්තුවේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා  මෙම ණය අනුමත වීම සම්බන්ධව දැනුවත් කළ අවස්ථාවේදී ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත  කෘතඥපූර්වක පිළිතුරු කතාවකින් සංග්‍රහ කළේ වෙනදාට වඩා සංයමකිනි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී හර්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ ව හෙළිදරව් කිහිපයක්ද සිදු කළේය.

කෙසේ වුවත් මේ වනවිට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන පුවත වන්නෙ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, මෙම මස අවසාන වීමත් සමග සිදුකරනවා යැයි බලාපොරොත්තු වන කැබිනට් සංශෝධනයත් සමගම රනිල් ආණ්ඩුවට එකතු වී රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ කාර්යයට සක්‍රීයව දායක වන බවකි.

 

මේ වන විටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු කිහිප දෙනෙක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකඟතාවන්ට පැමිණ ඉදිරියේදී කැබිනට් අමාත්‍යධූර ලබාගනිමින් ආණ්ඩ්‍රවේ ක්‍රියාවලියට එක්වීමට සූදානම්ව සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අනුමත වීමත් සමග හර්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙක්ද එම කණ්ඩායමට අයත් වන බවට ඉඟි පළවෙන බවයි වාර්තා වන්නේ.

 

මේ වනවිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ‌සෞඛ්‍ය ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය ඇතුළු විෂයපථ ගණනාවක්ම අර්බූධයන් වලට ලක්ව ඇති අතර පවතින ආර්ථික අර්බූධයන් තුළ  රටවැසියන්ගේ විරෝධය ඒ සම්බන්ධව එල්ලවීම පිළිබඳ වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩි අවදානයක් යොමු කර ඇති බවත් ආරංචිමාර්ග වාර්තා කරයි.

 

RAJITHA RANIL

 

ඒ අනුව ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම අත්දැකීම් සහිත සහ වැඩි වැඩ කොටසක් කළායැයි පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් පිලිගන්නා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආර්ථිකය සහ මුදල් සම්බන්ධ ක්ෂේත්‍රයේ කැබිනට් අමාත්‍ය ධූරයක් සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එක් කරගැනීමේ සූදානමක් ගැනත්  එම ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

රාජ්‍ය ආයතන 400ක් ප‍්‍රතිව්‍යුහගතකරණයට...!

මේ අතර ඉදිරියේදී රාජ්‍ය ආයතන හාරසියයක් පමණ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි මත මෙන්ම මෙම පියවරයන් ගැනීමට සිදුවන බව ද හෙතෙම පවසයි.

එමෙන්ම ඉදිරියේදී කිහිපයක් ද හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාවේදීද මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අතර එම ඒකකය විසින් හඳුනා ගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

 

@Samaara Paranavithana

නවතම ලිපි